අදාළ වගන්ති සංශෝධනය කළහොත් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් එය සම්මත කළ හැකි බවද කතානායකවරයා සඳහන් කළේය.
එමෙන්ම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් සම්මත කළ යුතුය යන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය බවද විදුලිබල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් කතානායකවරයා සඳහන් කළේය.
ඒ අනුව පනත් කෙටුම්පතෙහි 1(2) , 1(3) ,3 ( 6) , 10( 1), 11 ( 1) ,12 ( 1), 17,18(3) 18(5) යන වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පරිදි සංශෝධන සිදු කරන්නේ නම් අනුකූල නොවන තත්ත්වය ඉවත් වන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි ද කතානායකවරයා පැවසීය.
එම තීන්දුව ඉදිරිපත් කරමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මෙසේද පැවසිය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ශ්‍රී ලංකා විදුලිබල” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුව මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි.
සමස්තයක් ලෙස මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ12(1)ව්‍යවස්ථාවට අනනුකූලවන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ84(2)ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු ය. එසේ වුවදපනත් කෙටුම්පතෙහි 1(2)සහ1(3)වගන්තිසඳහාශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේසාරාංශයේ යෝජිත සංශෝධනයන් සිදු කරන්නේ නම් එම අනනුකූලතාවයන් ඉවත්ව යනු ඇත.
3(6)(අ)වගන්තියසහ10(1)(ඇ)වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ12(1) ව්‍යවස්ථාවට අනනුකූලවන අතරආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ84(2)ව්‍යවස්ථාවප්‍රකාරවපාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් ඒවාසම්මත කළ යුතු ය. එසේ වුවදඑම වගන්ති සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේසාරාංශයේ යෝජිත සංශෝධනයන්සිදු කරන්නේ නම්එම අනනුකූලතාවයන් ඉවත්ව යනු ඇත.
11 (1)වගන්තියේ පළමු ව්‍යතිරේකය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ12(1)ව්‍යවස්ථාවට අනනුකූලවන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ84(2)ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් එය සම්මත කළ යුතු ය. එසේ වුවදඑම වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ සාරාංශයේ යෝජිත සංශෝධනයන් සිදු කරන්නේ නම් එම අනනුකූලතාවයන් ඉවත්ව යනු ඇත.
17වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ12(1)ව්‍යවස්ථාවට අනනුකූලවන අතරආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ84(2)ව්‍යවස්ථාවප්‍රකාරවපාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු ය. එසේ වුවදඑම වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේසාරාංශයේ යෝජිත සංශෝධනයන්සිදු කරන්නේ නම්එම අනනුකූලතාවයන් ඉවත්ව යනු ඇති අතර සරල බහුතරයෙන් එම වගන්තිය සම්මත කල හැකි වනු ඇත.
18(3)(ඉ)(ii)වගන්තියආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ12(1)ව්‍යවස්ථාවට අනනුකූලවන අතරආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ84(2)ව්‍යවස්ථාවප්‍රකාරවපාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් එය සම්මත කළ යුතු ය. එසේ වුවදඑම වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේසාරාංශයේ යෝජිත සංශෝධනයන්සිදු කරන්නේ නම්එම අනනුකූලතාවයන් ඉවත්ව යනු ඇත
18(3)(ඊ)වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවටසහ14(1)(උ) ව්‍යවස්ථාවට අනනුකූලවන අතරආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ84(2)ව්‍යවස්ථාවප්‍රකාරවපාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු ය. එසේ වුවදඑම වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේසාරාංශයේ යෝජිත සංශෝධනයන්සිදු කරන්නේ නම්එම අනනුකූලතාවයන් ඉවත්ව යනු ඇත.
18(5)(ආ)(ii)වගන්තියආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ12(1)ව්‍යවස්ථාවට අනනුකූලවන අතරආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ84(2) ව්‍යවස්ථාවප්‍රකාරවපාර්ලිමේන්තුවේ දී විශේෂ බහුතරයකින් එය සම්මත කළ යුතු ය. එසේ වුවදඑම වගන්තිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේසාරාංශයේ යෝජිත සංශෝධනයන්සිදු කරන්නේ නම්එම අනනුකූලතාවයන් ඉවත්ව යනු ඇත.