නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගංවතුර තත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින කොළොන්නාව ජනතාවට සහන සැලසීමට කැබිනට් අනුමැතිය

    ජූනි 04, 2024

    කොලොන්නාව ප්‍රදේශයේ ගංවතුර තත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

    අධික වර්ෂාව හේතුවෙන් කොළොන්නාව ප්‍රදේශයේ ජනතාව මුහුණ පා ඇති තත්ත්වයන් පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (3) පස්වරුවේ එම ප්‍රදේශයේ නිරීක්ෂණ සංචාරයක නිරත වූ අතර එහිදී ප්‍රදේශවාසී ජනතාව ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

    ගංවතුර හේතුවෙන් බලපෑමට ලක්ව ඇති පොළොන්නාව ප්‍රදේශයේ ජනතාවට මෙන්ම රටේ අනෙකුත් ප්‍රදේශවල බලපෑමට ලක්ව ඇති ජනතාවට ආහාර පාන සැපයීම සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සලසා දීම, කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුර තත්වයන්ට හේතු වී ඇති අනවසර ඉදිකිරීම් වහාම ඉවත් කිරීම ,ඉඩම් ගොඩ කිරීමේ කටයුතු නැවැත්වීම සහ ප්‍රදේශයේ කානු පද්ධතිය පිළිසකර කිරීම ඇතුළු අනෙකුත් අදාළ පියවර ගැනීම,එම ප්‍රදේශයේ ගංවතුර තත්වයන් ඇතිවීම සඳහා බලපා ඇති මූල හේතූන් හඳුනාගෙන ඉදිරියේදී එවැනි තත්ත්වයක් නැවත ඇති නොවන පරිදි ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට සහ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පවතින ඉඩම් උපරිම ඵලදායි ලෙස ප්‍රයෝජනයට ගනිමින් කොලොන්නාව නගරය නැවත සැලසුම් කිරීම පිණිස සවිස්තරාත්මක සංවර්ධන සැලැස්මක් සකස් කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සහ අදාල අනෙකුත්  ආයතනවල නියෝජනයන්ගෙන් යුත් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya