ආපදාවලින් විපතට පත් වූවන්ට ලබා දෙන සහනාධාර මුදල ප්‍රමාණවත් නැති හෙයින් වහාම ඊට අදාළ චක්‍රලේඛය වෙනස්කර සහනාධාර මුදල වැඩි කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (4) රජයෙන් ඉල්ලීමක් කළේය. එම අවස්ථාවේ දිස්ත්‍රික්ක කිහිපයක දැනට පවතින ආපදා තත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසක් අදහස් දැක්වීය.
ගංවතුරෙන් විපතට පත් වූ අයට සහන සැලසීමට කටයුතු කරන පොලිස් නිලධාරීන් ආරක්ෂක අංශ නිලධාරින් ඇතුළු සියලු දෙනාට ප්‍රණාමය පුද කරන බවද විපක්ෂ නායකවරයා පැවසීය එම අවස්ථාවේදී අදහස් දක්වමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, පසුගිය දින කිහිපයේදී ඇති වූ අයහපත්කාලගුණ තත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් ඇති බවයි. පුද්ගලයින් 41 දෙනෙකු තුවාල ලබා ඇති අතර අද උදෑසන වන විට පවුල් 2368ක් සුරක්ෂිත මාධ්‍යස්ථාන 116කරා ගෙන ගොස් ඇතැයිද කීය ග්‍රාමීය කමිටු වල සහභාගීත්වය සහ සහයෝගය නිසා තත්වය මේ තරමින් හෝ පාලනය කිරීමට හැකි වී ඇතැයිද කීය. ත්‍රිවිධ හමුදාව මේ සඳහා සම්පූර්ණ සහාය ලබා දෙන බවත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් 117 අංකයට ලැබෙන ඇමතුම් වලට ප්‍රමුඛතාවය දෙමින් කටයුතු කර ඇතැයිද කීය. ගං වතුරු අවම කිරීමේ වැඩපිළිවෙළවල් කිහිපයක් මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඉදිරියේදී කුමන බාධා ආවත් මෙම තත්වයට විසඳුම් ලබා දිය යුතු බවද කීය. මේ සඳහා බංගලිදේශය හොඳ උදාහරණයක් බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා ඒ ඒ දිස්ත්‍රික්ක වල ආපදා අවම කිරීමේ ව්‍යාපෘති සඳහා ප්‍රමුඛතාවය ලබා දීමට කටයුතු කරන බවද කීය.