නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු මුහුදේදී ආපදාවට පත්ව සිටියදී මුදවා ගත් ධීවරයින් 06 දෙනා නාවික හමුදා මඟින් ගොඩබිමට රැගෙන එයි

    ජූනි 03, 2024

    ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 480 ක් පමණ (කිලෝ මීටර් 889 ක් පමණ) දුරින්වූ ගැඹුරු මුහුදේදීආපදාවට පත්ව සිටියදී කොළඹසමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණමධ්‍යස්ථානයේසම්බන්ධීකරණයෙන්, විදෙස් නෞකාවක් මඟින් මුදවා ගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් හයදෙනා (06),ඊයේ(02) උදෑසන ගාල්ල වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි. 

     

    ඒ අනුවකොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, 'MT TONEGAWA' නමැති වෙළඳ නෞකාව මඟින් 2024 මැයි මස 31 වන දින මුදවා ගත් මෙම ධීවරයින් හය දෙනා (06) ඊයේ දින උදෑසන  එම නෞකාව මඟින් ගාල්ල වරාය ආසන්නයට රැගෙන ඒමෙන් අනතුරුව, වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් මෙලෙස ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya