නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර කිහිපයකට පසු ගම්බිරිස් වගාවෙන් වැඩි අස්වැන්නක්

    ජූනි 03, 2024

    2019 න් පසු මෙරට ගම්මිරිස් වගාවේ ඉහළම අස්වැන්න 2023 වර්ෂයේ වාර්තා කිරීමට හැකි වී ඇත්තේ ගම්මිරිස් වගාව සඳහා නව තාක්ෂණය හඳුන්වාදීම, සහනාධාර ලබා දීම මෙන්ම පසුගිය වර්ෂයේ පැවැති වියළි කාලගුණික තත්ත්වයෙන් පසුව ඇති වූ දීර්ඝ වැසි සහිත කාලගුණික තත්ත්වය බව ද අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පෙන්වා දී ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ , කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතියේ ආධාර යටතේ වලස්මුල්ල වරාපිටිය කුරුඳු සැකසුම් කර්මාන්ත ශාලාවේ  අගය එකතු කළ  නිෂ්පාදන ක්‍රියාවලිය නිරීක්ෂණය සඳහා පසුගියදා එක් වූ අවස්ථාවේදිය.

    මෙම කර්මාන්ත ශාලාව මගින් කුළුබඩු වර්ග ගණනාවක් අගය එකතු කරන ලද නිෂ්පාදන වශයෙන් දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපලට හඳුන්වා දීමට කටයුතු කර ඇත. තරුණ කෘෂි ව්‍යවසායකයෙක් විසින් මෙම කර්මාන්ත ශාලාව ස්ථාපිත කර ඇති අතර ඒ සඳහා කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් රුපියල් මිලියන 50ක මුදලක් ආධාර වශයෙන් ලබා දී ඇත.

    මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා  ලෝකයේ හොඳම කුළුබඩු තිබෙන රට වශයෙන් ශ්‍රී ලංකාව ලෝක වෙළෙදපල තුළ නම් දරා ඇති බව ද සඳහන් කළේය.

    ලෝකයේ හොඳම ගම්මිරිස්, කුරුඳු ඇතුළු කුළුබඩු තිබෙන්නේ අපේ රටේ බවත්  නමුත් අපි තවමත් අපේ නිෂ්පාදන අපනයන කරන්නේ අමුද්‍රව්‍ය වශයෙන් වැඩි ආදායමක් ලබා ගැනීමට නම් අපි අගයදාම ක්‍රියාවලියට යා යුතු බවත්  ඒ සඳහා දැන් අපි පියවර ගෙන තිබෙන බවද කීය.

    මෙම කර්මාන්ත ශාලාවේ කුරුඳු හා ගම්මිරිස් දෙකම අගය එකතු කළ නිෂ්පාදන වශයෙන් නිෂ්පාදනය කරන බවත් පළමුවරට චීනයට මෙම කර්මාන්ත ශාලාව මගින් කුරුඳු අපනයන කිරීම ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

    ඒ වගේම ඇතැමුන් ගම්මිරිස් ආනයනය කරනවාද  යන්න අසන බවත්  ගම්මිරිස් මෙරටට ආනයනය කරන්න කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් අපේ ගම්මිරිස්  ලෝකයේ හොඳම ගම්මිරිස් බවත් අපිට ඇති තරම් ගම්මිරිස් මේ රටේ තිබෙනවා ඇති බවද  දැන් අප අවශ්‍ය ගම්මිරිස් වැඩිපුර අපනයනය කිරීමට උත්සාහ කරන්නේ ඒ නිසා බවද ගම්මිරිස් ආනයනය කරනවා කියන වචනයවත් මේ රටේ කියන්න අපි ඉඩ තබන්නේ නැතැයි   ද අමාත්‍යවරයා සදහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya