මේවන විට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සතු සියලුම බෝට්ටු, උපකරණ මෙන්ම ත්‍රිවිධ හමුදා කණ්ඩායම් ද යොදවමින් විපතට පත් ජනතාව බේරා ගැනීමේ කටයුතු සිදු කරමින් පවතී.
ගොඩනැගිලි හා පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබූ නාය යාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර තිබෙන අතර දිවයිනේ බස්නාහිර, සබරගමුව පළාත් හා ගාල්ල මාතර යන දිස්ත්‍රික්ක වලට ද මිලිමීටර් 150 ට වැඩි වැසි ලැබී තිබේ.
එමෙන්ම ඇහැළියගොඩින් මිලිමීටර් 436 ක වර්ෂාපතනයක් දැන්වාර්තා වී ඇති අතර කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 250 ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබී තිබේ.