තෘප්තිමත් සේවක පිරිසක් රට තුළ ඇති කිරීම පිණිස ජනතාව වෙනුවෙන් ගත් වැදගත් තීන්දුවක් ලෙස මෙය සැලකිය හැකි බවත්, එමෙන් ම එය මහජනතාවගේ අයිතිවාසිකමක් බව ද සියලුම ආකාරයේ විරෝධතා, වැඩවර්ජනවල දී තෘප්තිමත් නොවන සේවකයින් විසින් කරනු ලබන ප්‍රතික්‍රියාවන් නිසා අවසානයේ අපහසුවට පත්වන්නේ සමස්ත පොදු ජනතාව බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
සේවක වැටුප් ගෙවීමේ දී සැලකිල්ලට ගනු ලබන විවිධාකාර සේවා කාණ්ඩයන් පවතින බවත් ඒ එකිනෙක අතර පවත්නා වැටුප්වල විෂමතා හා අසාධාරණකම් පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ නිරන්තර අවධානය යොමුව ඇති බවත් ප්‍රකාශ කළ අමාත්‍යවරයා, වැටුප් විෂමතා විසඳීමට යාමේදී එක් කණ්ඩායමකට ලබාදෙන විසදුම තවත් කණ්ඩායම් රැසකට අලුත් විෂමතා ඇති කරනසුළු බවත් එවන් අතීත අත්දැකීම් ඕනෑ තරම් පවතින බවත් මේ හේතුව නිසා වැටුප් විෂමතා ගැටළු හැකිතාක් විසඳීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබාදීමට මේ පිළිබඳ විශේෂඥ කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගත් බවත් අමාත්‍යවරයා යා පැවසීය.