මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, භික්ෂුන් වහන්සේලා සඳහා පමණක්ම වෙන් වූ මෙම ගුරු දෙව් සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය ඉදිකිරීම මෙරට ශාසන ඉතිහාසයේ ඓතිහාසික හැරවුම් ලක්ෂයක් නිර්මාණය කරන බවයි. මහා නායක ස්වාමීන්වහන්සේලා , අනුනායක ස්වාමීන්වහන්සේලා , විදේශිය රටවලින්, විශේෂයෙන් කොරියාවෙන් පැමිණි ස්වාමීන්වහන්සේලා ඇතුළු විශාල පිරිසකගේ සභභාගීත්වයෙන් මෙම රෝහල සම්බුද්ධ ශාසනයට පූජා කෙරෙන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම ජූනි පළවෙනි දින ස්වාමින්වහන්සේලා සහ රාජ්‍ය නායකත්වය ඇතුව විවෘත කෙරෙන මෙම රෝහල අනාගතයේදි ලෝක බෞද්ධ සියලු භික්ෂුන්වහන්සේලා වෙනුවෙන් දේශිය වෛද්‍ය ක්‍රම සහ බටහිර වෛද්‍ය ක්‍රම පුළුල් කරමින් ශාසනයට සේවාවක් කරන රෝහලක් බවට පත්කරන බවද අමාත්‍ය බන්ලදල ගුණවර්ධන මහතා පැවසීය.
මෙම ගිලන් භික්ෂු මධ්‍යස්ථානය මහල් 05කින් සහ මහල් 03කින් යුක්ත ගොඩනැගිලි දෙකකින් සමන්විත වන අතර මෙම රෝහල් සංකීර්ණයේ කාමර 20ක්, වාට්ටු කිහිපයක්, බෙහෙත් ගබඩා ,හදිසි ප්‍රතිකාර අංශ ,කාර්යාල කාමර ,මුලුතැන්ගෙය,දන්ගෙය,වෛද්‍යවරුන් සඳහා නේවාසිකාගාර ,ස්වාමීන්වහන්සේලා 500 නමකට එකවර භාවනා යෝගීව සිටීමට ශාලාවක් ඉදිකර තිබේ.
රෝගී ස්වාමීන්වහසේලාට නිදහසේ ප්‍රතිකාර ගත හැකි කායික හා මානසික සුවය ලබා ගැනීමට හැකි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වන ගුරු දෙව් සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානය සියලු පහසුකම් සහිත අංග සම්පූර්ණ රෝහලක් බවගුරු දෙව් සුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ නිර්මාතෘ ජ්‍යෙෂ්ඨ අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය පිටිගල සෝනුත්තර ස්වාමින්වහන්සේ සඳහන් කළහ.
දෙස් විදෙස් දානපතීන්ගේ ආධාර , පරිත්‍යාගයන් සහ රාජ්‍ය අනුග්‍රහය ඇතිව ඉදිවූ මෙම භික්ෂූ මධ්‍යස්ථානයේ භාවනා යෝගීව සිටින ස්වාමීන්වහසේලා වෙනුවෙන් විශේෂ ශාලාවක්ද ඉදිකර තිබේ. එමෙන්ම විශේෂයෙන් විශ්ව ශක්තිය ගලා ඒමට හැකිවන පරිදි පිරමීඩාකාර කැනි මඬලකින්ද සමන්විත බව උන් වහන්සේ පැවසූහ.
එසේම රෝගී ස්වාමින්වහන්සේලා සීටි නම් උන් වහන්සේලා මෙම රෝහල වෙත සම්බන්ධ කරන ලෙසද මෙම මාධ්‍ය හමුවට එක් වූ පූජ්‍ය පිටිගල සෝනුත්තර ස්වාමින්වහන්සේ පැවසූහ.