නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රේගු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේදී කිසිදු බලපෑමක් නෑ

    මැයි 29, 2024

    රේගුවේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් දැනට පුරප්පාඩුව පවතින සහකාර රේගු අධිකාරී සහ රේගු පරීක්ෂක යන තනතුරු සඳහා බඳවා ගැනීමේ ක්‍රියාවලිය මේ දින වල සිදුවෙමින් පවතින බවත්, එම බඳවා ගැනීමේ කටයුතු වලට කිසිදු ආකාරයේ බලපෑමක් සිදු නොවන බවත් , යම් අයෙකු එසේ බලපෑම් කර රේගුවට පැමිණිමට උත්සාහ කරන්නේ නම් එය සිදු නොවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

    ඒ් අනුව ඉහත තනතුරු සඳහා බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් පැවැත්වූ විභාගය සමත් , ඉහළම ලකුණු ලබාගත් අයගේ නාම ලේඛනය, ලකුණු අනුපිළිවෙළ අනුව නොව ආකාරාදී පිළිවෙළ අනුව රේගුව වෙත පළමුව යොමු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඒ් අනුව පැවත්වෙන සම්මුඛ පරීක්ෂණ වලදී සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ඉදිරියේදීම උස සහ පපුව මැන බැලීම සිදු කරන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙනු ලැබීය. පසුව සහතික පරීක්ෂා කර බැලීම සිදුවන බවත් , චක්‍රලේඛයේ පැහැදිළිව සඳහන් කර ඇති ආකාරයට ක්‍රීඩා කෞෂල්‍ය සඳහා ද එහිදී ලකුණු හිමි වන බවත් අමාත්‍යවරයා පැවසීය.

    එම සම්මුඛ පරීක්ෂණයේදී ලබාගන්නා ලකුණු නැවත විභාග දෙපාර්තමේන්තුවට යැවීමෙන් පසු එම ලකුණු ප්‍රමාණය සහ විභාගයේදී ලබාගත් ලකුණු ප්‍රමාණය එකතු කොට එය දෙකට බෙදා ලැබෙන ලකුණු ප්‍රමාණය අනුව සැකසෙන ප්‍රමුඛතා ලේඛනය සකසා බඳවා ගැනීම් සඳහා එය රේගු දෙපාර්තමේන්තුව වෙත එවන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඒ් අනුව මේ රටට වැඩිම ආදායම් සොයන ආයතනයට ඇතුළත් වීමට රටේ උගත් තරුණ දූ පුතුන්ට අවස්ථාව සලසා දී ඇති බවත් , විනිවිද භාවයෙන් යුත් ආදර්ශමත් බඳවා ගැනීමක් සිදුකරන බැවින් මීට අදාළ ගැසට් පත්‍රයේ සඳහන් ආකාරයට පිටින් කිසිවක් සිදු නොවන බවත් තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya