නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ වහාම නතර වී ඇති ව්‍යාපෘති ආරම්භ කිරීමට අවස්ථාව ලැබෙනවා - ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    මැයි 28, 2024

    ශ්‍රී ලංකාව වැනි කුඩා ආර්ථිකයක් තිබෙන රටක් ප්‍රායෝගිකව ආණ්ඩුකරණයේ දී ජාත්‍යන්තර සහයෝගිතාවය අවශ්‍ය වන බවත්, ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ වහාම නතර වී ඇති ව්‍යාපෘති ආරම්භ කිරීමට අවස්ථාව ලැබෙන බවත් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේය.

    දුම්රිය සේවාව ඉතාම මේ වන විට ඉතාම අසාධ්‍ය තත්ත්වයක තිබෙන බවත්, දුම්රිය කාර්යක්‍ෂමව ඵලදායකව යෙදවීමට ඒ සඳහා ආයෝජන කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

    වසර පහෙන් පහට දුම්රිය මාර්ග වල පීලි මාරු කළ යුතු නමුත් එලෙස මාරු කිරීමට රේල් පීලි මිලට ගැනීමට මෙන්ම දුම්රිය මැදිරි, සිල්පර ආදිය ද අවශ්‍ය ප්‍රතිපාදන මේ වන තෙක් ලැබී ඇත්තේ විදේශ ණය ආධාර මත වන අතර දැනට පවත්නා තත්ත්වයට අනුව අවසන් වරට රේල් පීලි 10,000 ක් මිල දී ගෙන ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත වන අතර මේ වන ක්‍රියාත්මක වන උතුරු දුම්රිය මාර්ගය අලුත්වැඩියා කටයුතු සිදු කරනු ලබන්නේ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ය.

    ඒ අනුව ණය ආපසු ලබා ගැනීමට නම් ගත් ණය පියවන ක්‍රමවේදයක් සකස් කළ යුතු වන අතර කාර්යක්ෂමව කිරීමට කෙතරම් අවශ්‍යතාවය තිබුණත් කළ නොහැකි බව අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.

    එමනිසා ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කර දුම්රිය එන්ජින් 20 ක් සහනදායක ලෙස ප්‍රදානයක් ලෙස ලබා ගැනීම සඳහා මේ වන විට සාකච්ඡා කරමින් පැවතින බවත්, ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ කටයුතු ද සිදු කර ඇති බවත් හෙතෙම මෙහි දී සඳහන් කළේය.

    වසර 50 ක් පමණ පැරණි දුම්රිය එන්ජින් පවා තවමත් අලුත් එන්ජින් ලෙසටම අලුත්වැඩියා කර පවත්වාගෙන යන බවත්, ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන තෙක් කිසිඳු රටක් මෙරටට ණය ලබා නොදෙන බවත්, දැනටත් දුම්රිය සේවාව මෙලෙසින් හෝ පවත්වාගෙන යාම සඳහා දුම්රිය ඉංජිනේරුවන්ට සහ දුම්රිය කාර්යය මණ්ඩලය නිළධාරීන් හට බෙහෙවින් ස්තුතිවන්ත විය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya