නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩුවේ බලාපොරොත්තුව වතු කම්කරුවන්ගේ ජීවන අර්බුදයට විසඳුමක් ලබා දීමයි - ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

    මැයි 28, 2024

    ආණ්ඩුවේ බලාපොරොත්තුව වන්නේ කම්කරුවන්ගේ ජීවන අර්බුදයට විසඳුමක් ලබා දීම බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු විසින් නැඟු පැනයකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේය.

    පවත්නා ආර්ථික අර්බුදය තුළ වතු කම්කරුවන්ගේ පෝෂණ මට්ටම් සහ ජිවන තත්ත්වය ආරක්ෂා කිරීම සඳහා අවම වශයෙන් සාධාරණ ලෙස ඔවුන්ට හිමිවිය යුතු වැටුප් තලය කොතෙක්ද, එම වැටුප් ගෙවීම සඳහා යම්කිසි සමාගමකට ඇත්ත වශයෙන්ම ගෙවිය නොහැකි ද යන්න පිළිබඳවත්, එසේ වතු සමාගම් වලට වැටුප් ගෙවිය නොහැක්කේ කළමනාකරණ ගැටළුවක් නිසාවෙන් නම් හෝ වැටුප් නොගෙවන සමාගම් එම සමාගම් පවරා ගැනීමේ ක්‍රමවේදයක් තිබේ ද යන්න පිළිබඳව පුළුල් ලෙස අධ්‍යනය කර වාර්තාවක් ලබා ගැනීමට විශේෂ කමිටු පත් කර තිබෙන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.

    වතු වෘත්තිය සමිති හා වතු කම්කරුවනුත් හා ඒ අදාළ අනිකුත් පාර්ශ්වත් ඔවුන්ගේ අදහසුත් මෙන්ම රජයේ වැටුප් වැඩි කිරීමේ නියමයනුත් අතර ඇති වී තිබෙන තත්ත්වයන් පිළබඳව පුළුල් අධ්‍යනයක් කර වාර්තාවක් කැබිනට් මණ්ඩලයට කරනු ඇති බවත් හෙතෙම පැවසීය.

    ඒ සඳහා මැයි මාසයේ දී නිකුත් වූ ගැසට් නිවේදනයේ වැටුප් වැඩිකිරීම ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර තිබෙන හෙයින් එලෙස වැටුප් ගෙවීමට නොහැකියාවක් තිබේ නම් එම නොහැකියාව පිලිබඳ අධ්‍යනය කිරීමට මෙම විශේෂ කමිටුව පත් කර තිබෙන බවත්, කමිටු වාර්තාව ලැබුණු පසු මේ සම්බන්ධව ස්ථිර තීන්දුවක් ප්‍රකාශයට පත් කළ හැකි බවත් මෙහි දී හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya