නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිඳු පාර්ලිමේන්තු මැතිවරණයක් හදිසියේ පවත්වන්නේ නැහැ - කැබිනට් ප්‍රකාශක

    මැයි 28, 2024

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන වලට අනුව ජනාධිපතිවරණය පවැත්වෙන බවත්, ඒ සඳහා අයවැයෙන් බිලියන 10 ක් වෙන් කොට තිබෙන බවත්, මෙම වසරේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ අත්‍යවශ්‍යතාවයක්  නොමැති බවත් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපර්තමෙන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මේ පිළිබඳව මාධ්‍යවේදියෙකු විසින් නගන පැනයකට පිළිතුරු වශයෙනි.

    ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මෙම වසරේ ඔක්තෝබර් මාසයට ප්‍රථම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත්, ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන රුපියල් බිලියන 10 ක් අයවැය මඟීන් වෙන්කර තිබෙන බවත්, මැතිවරණ කොමසාරිස්වරයා විසින් ව්‍යවස්ථාපිත වගකීම නියමිත කාල වකවානුව තුළ සිදු කරනු ඇතැයි ද හෙතෙම මෙහි දී අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya