විදේශ විනිමය ඉපැයීම වැඩි කිරිම, සාමාජික රටවල් අතර ශ්‍රි ලංකාවේ පොල් කර්මාන්තය ප්‍රවර්ධනය කිරිම හා පොල් ක්ෂේත්‍ර යේ ප්‍රධාන පාර්ශවකරුවන් අතර සහයෝගිතාව වැඩිදියුණු කිරිම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස මෙම සැසිවාරය පැවැත් වේ. ඒ අනුව පොල් සංවර්ධන අධිකාරිය විසින් උපයන ලද ආදායම් හා පොල් අංශයේ පෞද්ගලික ආයතන කිහිපයක දායකත්වයෙන් එකී සැසිවාරය සහ අමාත්‍ය හමුව මෙම වර්ෂයේ නොවැම්බර් මාසයේ දී කොළඹ දි පැවැත්විම පිනිස කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.