මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දස වසරකට පසු මහපොළ ප්‍රදර්ශනය නැවත ආරම්භ කිරීම තුළින් තවත් විශාල පිරිසකට උසස් අධ්‍යාපනයේ දොරටු විවර වෙනවා

    දෙසැම්බර් 16, 2023

    සීතාවක විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සඳහා වන පශ්චාත් උපාධි ආයතනය දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතාගේ නමින් – ජනපති


    දැනුමින් සන්නද්ධ පුරවැසියන් නිර්මාණය කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මෙන්ම විවෘත ආර්ථිකයේ ප්‍රතිලාභ ගමට ගෙන යාමට මහපොළ තුළින් හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය,

    දස වසරකට පසු නැවත මහපොළ අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය ආරම්භ කිරීම තුළින් විශාල පිරිසකට උසස් අධ්‍යාපනයේ දොරටු විවර වන බව පැවසූ ජනාධිපතිවරයා, හිටපු අමාත්‍ය දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා මහපොළ ශිෂ්‍යත්ව අරමුදල අරඹමින් මෙරට අධ්‍යාපනයට කළ සේවාවට කෘතවේදීත්වය පළ කරමින්, සිතාවක විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සඳහා වන පශ්චාත් උපාධි මධ්‍යස්ථානය(Post Graduate for Research ) ඔහු නමින් නම් කරන බව ද සඳහන් කළේය.
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මහපොළ 2023 ප්‍රදර්ශනයේ දෙවන දිනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ,(14) පස්වරුවේ එක්වෙමිනි.

    වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය සංවිධානය කරන වසරේ දැවැන්තම අධ්‍යාපන සහ වෙළඳ ප්‍රදර්ශනය වන මහපොළ 2023 ප්‍රදර්ශනය ජාඇල නගර සභා පිටියේදී පසුගිය 13දා ආරම්භ කෙරිණි.

    මෙරට දිළිඳු දෙමව්පියන්ගේ දරුවන් අධ්‍යාපනිකව ඉහළට ඔසවා තැබීමේ අරමුණින් හිටපු අමාත්‍ය දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා විසින් ආරම්භ කළ මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලට ආධාර පිණිස මහපොළ වෙළෙඳ ප්‍රදර්ශනය ආරම්භ කෙරිණි.

    226 වන මහපොළ ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ වසර 10කට පසුව වීම විශේෂත්වයක් වන අතර මෙම ප්‍රදර්ශනය දෙසැම්බර් 17 වනදා තෙක් පැවැත්වේ.
    නව නිපැයුම්කරුවන්ට මෙන්ම ව්‍යවසායකයන්ට ඔවුන්ගේ නිෂ්පාදන වෙළෙඳපොළක් ලබා ගැනීමට අවස්ථාව සළසා දෙමින් විවිධ වර්ගයේ ප්‍රදර්ශන කුටි 350කට අධික සංඛ්‍යාවකින් ප්‍රදර්ශනය සමන්විතය.

    එහි දෙවන දිනය වන ඊයේ දිනය අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කර තිබූ අතර ජනාධිපතිවරයා ප්‍රදර්ශන කුටි නැරඹීමට ද එක් විය.
    ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි පාසල් සිසුන් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුහද පිළිසඳරක නිරත විය.
    ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සඳහා මාර්ගගත පරිත්‍යාග පහසුකම් (online donation facility) සඳහා වන www.eservices.mahapola.lk වෙබ් අඩවිය දියත් කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.

    එම අරමුදල වෙනුවෙන් පළමු පරිත්‍යාගය පරාක්‍රම බණඩාර මහතා විසින් මෙහිදී සිදු කළේය.
    මහපොළ 2023ට සමගාමීව පවත්වන ලද චිත්‍ර, රචනා, කෙටි චිත්‍රපට සහ වීදි නාට්‍ය තරගවල ජයග්‍රාහකයින් තිළිණ ප්‍රදානය කිරීමටද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.
    මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන්ද, වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු, කුඩා සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප්, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස්, රොෂාන් ගුණතිලක, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
    PMD

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya