මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පරීක්ෂණාගාරය සෞඛ්‍ය ඇමතිගේ විශේෂ නිරීක්ෂණයට

    දෙසැම්බර් 15, 2023

     

     

    භෞතික හා මානව සම්පත් සංවර්ධනය කිරීමට කඩිනම් පියවර ......

    සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පසුගිය දින ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සහ එම අධිකාරිය යටතේ පාලනය වන ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පරීක්ෂණාගාරය විශේෂ නිරීක්ෂණයට ලක් කෙරිණි.

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සහ ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පරීක්ෂණාගාරය තුල රාජකාරි කටයුතු සිදු වන ක්‍රමවේදය, එම කාර්ය මණ්ඩලයට පවතින රාජකාරිමය ගැටලු, පවතින භෞතික සම්පත් මෙන්ම මානව සම්පත් වල ගැටලු ආදි කරුණූ පිලිබදව අවබෝධයක් ලබා ගැනීම මෙන්ම ඊට අදාල විසදුම් ලබා දීමේ අරමුණින් මෙම නිරීක්ෂණ චාරිකාව සිදු කෙරිණි.

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ පවතින වත්මන් ගැටලු පිලිබදව එහි සභාපති විශේෂඥ වෛද්‍ය ආන්නද විජේවික්‍රම මහතා විසින් හා ජාතික ඖෂධ තත්ව ආරක්ෂණ පරීක්ෂණාගරයේ පවතින ගැටලු පිලිබදව එහි වැඩ බලන අධ්‍යක්ෂිකා ගෞරි කත්‍රිආරච්චි මහත්මිය විසින් ආමාත්‍යවරයා දැනුවත් කිරීමට මෙහිදී පියවර ගත්තේය.

    පවතින ගැටලු පිළිබද අවබෝධයක් ලබා ගත් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාට උපදෙස් දෙමින් කියා සිටියේ අවශ්‍යතාවය පරිදි කාර්ය මණ්ඩල සංශෝධන සිදු කරමින් අධිකාරියේ මානව සම්පත් සංවර්ධන කෙරෙහි නිසි අවධානයක් යොමු කරන ලෙසත්, අධිකාරියේ කාර්යභාරයට ගැලපෙන ලෙස තනතුරු අනුමත කර ගැනීමටද කටයුතු කරන ලෙසටය.

    ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පරීක්ෂණාගාරයේ යටිතල පහසුකම් හා අලුත්වැඩියා කටයුතු සිදු කිරීමටත්, එම පරීක්ෂණාගාරයට අවශ්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම රසායනාගාර උපකරණ ලබා ගැනීමට අවශ්‍ය ක්‍රමවේදය, සැලැස්ම කඩිනමින් සකස් කර සෞඛ්‍ය අමාත්‍යංශයට ලබා දීමට කටයුතු කරන ලෙසට වැඩ බලන අධ්‍යක්ෂිකා ගෞරි කත්‍රිආරච්චි මහත්මියට අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

    සෞඛ්‍ය අමාත්‍යංශය වශයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියට එහි රාජකාරි කටයුතු බාධාවකින් තොරව විධිමත්ව සිදු කර ගෙන යාම සදහා අවශ්‍ය සහය නිරතුරුව ලබා දීමට කටයුතු කරන බවත් එමගින් මෙරට ජනතාවට ගුණාත්මක ඖෂධ හිගයකින්

    තොරව නිරතුරුව ලබා ගැනීමේ හැකියාව පවතින බවද මෙම කටයුතු සියල්ල විනිවිදභාවයකින් සිදුවිය යුතු බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කලේය. ජාතික ඖෂධ නියාමන අධිකාරිය 2015.07.01 දින ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පියවර ගන්නා ලදී.

    මෙම නිරීක්ෂණ චාරිකාමය අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න මහතාද, ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් හා කාර්ය මණ්ඩලයේ පිරිසක්ද එක් වුහ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya