මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

      ශ්‍රි ලංකා ගුවන් සේවා ක්ෂේත්‍රයේ නව මංපෙත් විවිර කරන ''ගුවන් සිහිනය වැඩසටහන'' - අවබෝධතා ගිවිසුම් අත්සන් තබයි

    දෙසැම්බර් 15, 2023

    සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ ශ්‍රි ලංකා රූපවාහිනි සංසථාව එකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන ගුවන් සිහිනය වැඩසටහන නව රූපවහිනි ආකෘතියක් යටතේ ආරම්භ කිරීම සම්බන්ධයෙන් වූ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සිදු කෙරිණි.

    මෙම වැඩසහනේ මූලික අරමුණු වන්නේ ශ්‍රි ලංකා ගුවන් සේවා ක්ෂේත්‍රයේ නව මංපෙත් විවිර කරමින් දීප ව්‍යාප්තව සිටින පාසැල් දූ දරුවන්ට ශ්‍රි ලංකා ගුවන් සේවය පිළිබඳව දනුවත් කිරීම සහ නව මානයකට ගුවන් සේවා කර්මාන්තය ගෙන යාමය.

    පැසැල් දු දරුවන්ට ගුවන් තොටුපල පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් ගුවන් තොටුපලේ ක්ෂේත්‍ර චාරිකාවක් ලබා දී ගුවන් ගුවන් තොටුපල මෙහෙයුම් කර්මාන්තය පිළිබඳව අවබෝධයක් ලබා දීමද මෙම වැඩසටහන මගින් සිදු වේ .

    මෙම වැඩපිළිවෙල ශ්‍රි ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය ක්‍රියාත්මක කරන විට එහි උපදේශකත්වය රේඛිය අමාත්‍යංශය වන වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය ලබා දෙන අතර දීප ව්‍යාප්ත මට්මින් මෙම වැඩසටහන් කිරීමට ශ්‍රි ලංකන් ගුවන් සේවය , ශ්‍රි ලංකන් කෙට්රින් සහ ශ්‍රි ලංකා ගුවන් පුහුණු පාසල නිබඳව කටයුතු කරනු ඇත.

    මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා , ජනමාධ්‍ය,ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා , ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වී.පී.කේ අනුෂ පැල්පිට මහතා , වරාය,නාවික හා ගුවන් සේවා අමාත්‍යශයේ ලේකම් කේ.ඩී.ඒස්.රුවන්චන්ද්‍ර මහතා , ශ්‍රි ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති අචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා , සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී පි.ඒ් .ජයකාන්ත මහතා , ගුවන් තොටුපල සහ ගුවන් සේවා ශ්‍රි ලංකා පෞද්ගලික සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල් කැටිය මහතා , ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ විධායක නිලධාරී රිචඩ් නටෙල් මහතා ‍, ශ්‍රි ලංකන් කෙට්රින් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසේකර මහතා , ශ්‍රි ලංකා ගුවන් සේවා අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් නිතීඥ රොහාන් වන්නිඅප්පා මහතා , ශ්‍රි ලංකා රූපවාහිනි සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වැංසටහන් ) සුමේධ අතුලසිරි මහතා , ශ්‍රි ලංකා රූපවාහිනි සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (ඉංජිනේරු) ඩි.ඒම්. කේ දසනායක මහතා යන මහත්වැරුන් ඒක්ව සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya