මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලබන වසරේදී මේ රටේ ජනතාව මුහුණ දෙන ආර්ථික ගැටලුවලට සුභවාදී පිළිතුරක්

    දෙසැම්බර් 13, 2023

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය සඳහා එකගතාවය ලැබී ඇති බැවින්,ලබන වසරේදී මේ රටේ ජනතාව මුහුණ දෙන ආර්ථික ගැටලු වලට සුභවාදී පිළිතුරක් ලබා දිය හැකි වනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද(13) පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමිණි.

    රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මෙම ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක නොවූ නා නම් ජාත්‍යන්තරයේ කිසිදු සහයක් නොමැති රටක් බවට අපේ රටේ පත් වන බවයි.

    වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, කාර්තු 06කට පසුව නැවතත් ආර්ථික වර්ධනයක් කරා යාමට මෙම කාර්තුවේදී හැකි වූ බවයි. නිශ්චිතවම ලබන වසර වන විට මෙහි ධන අගයකට යා හැකි වනු ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය. අපේ රට හා සමානව ආර්ථිකය කඩා වැටුණු අනෙක් රවල් තවමත් ආර්ථික වර්ධනයකට ළගා වී නොමැති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    මෙහිදී අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,

    මෙරට ආර්ථිකය අවසාන වශයෙන් 1.4%ක වර්ධනයක් වී තිබෙන්නේ 2021 වර්ෂයේ 04 වෙනි කාර්තුවේදීයි.2022 පළමු කාර්තුවේ සිට 2023 පළමු කාර්තුව දක්වා එක දිගටම ආර්ථික වර්ධනය සෘණ අගයක් වාර්තා වී තිබෙනවා. කාර්තු 06ක ට පසුව නැවත ආර්ථිකයේ වර්ධනය ට යාමට හැකි වී තිබෙනවා. නිෂ්චිතවම ලබන වසර වන විට මෙහි ධන අගයකට යාමට හැකි වෙනවා.

     නැවත ආර්ථිකය ගොඩ නගා ගැනීම සඳහා කිසිම කෙනෙක් ඉදිරිපත් නොවූ අවස්ථාවක ජනාධිපතිවරයා තනි පුද්ගලයෙකු ලෙස එම වගකීම භාර ගත්තා. අද වන විට ක්‍රමානුකූලව එහි ප්‍රතිලාභ ජනතාව භුක්ති විඳිනවා. 2022 ඇති වූ ආර්ථික අර්බුදයක් නැවත ඇති නොවීමට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ තමයි මේ සිදුකරගෙන යන්නේ. විපක්ෂයේ සියළු දෙනාගේ බලාපොරොත්තුව වුණේ මෙම වැඩපිළිවෙළ කඩාකප්පල් වේවා යන්නයි. අපහසුතා මැද වුවත් මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වුණා. මහ බැංකුව ජනාධිපති කාර්යාලය ඇතුළු නිලධාරින් සියළු දෙනා මේ සඳහා කැපවීමෙන් කටයුතු කළා. දේශපාලන මතය පැත්තක තබා රටේ ආර්ථික පුනරාගමනය වෙනුවෙන් සියළු දෙනා එක්ව කටයුතු කළා. නමුත් එම කැපවීම අවතක්සේරු කරන්න විපක්ෂය කටයුතු කළා යනුවෙන්ද පැවසීය.

     මේ රට ශක්තිමත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය සහයෝගයට සහ මගපෙන්වීමට ලා දෙන සහයෝගයට රජය ස්තුතිවන්ත වෙන බවද අමාත්‍යවරයා කීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya