නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන් සඳහා ලබා දෙන ''සිසු සැරිය '' සේවාව අඛණ්ඩව - ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය

    නොවැම්බර් 29, 2023

    ලබන වසරේ පාසල් සිසුන් සඳහා නිකුත් කරන වාර ප්‍රවේශපත් ප්‍රමාණය අඩු නොකරන බවත්, දරුවන් සඳහා ලබා දෙන සිසු සැරිය සේවාව අඛණ්ඩව ලබා දෙන බව ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (29) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේය.

    ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    පරිපූරක ඇස්තමේන්තුවක් හෝ ඉදිරිපත් කර පාසල් දරුවන්ට ලබා දෙන එම සේවාව අඛණ්ඩව ලබා දීමට කටයුතු කරන බව හෙතෙම සඳහන් කළේය. සිසුන් සඳහා ලබා දෙන වාර ප්‍රවේශපත්‍රයේ මිල වැඩි නොවන බවත් ඒ සඳහාද විශේෂ කමිටුවක් පත් කර ඇති අතර එම කමිටුව මගින් මිල තීරණය කරන බවද අමාත්‍යවරයා පැවසීය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන වාරිකය ලැබුණු වහාම නතර වී ඇති මාර්ග සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. දුම්රිය මාර්ග ගලවා අලුත් වැඩියා කිරීම්ද, ලබන වසරේ ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍යවරයා පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසුවේ,

    මෙම මාර්ග අලුත් වැඩියා කිරීමේ ප්‍රශ්නයට මම තරම් වෙන කවුරුවත් බැනුම් අහල නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කරන තෙක් මුළු ලෝකෙම රටවල් අපිට ණය ලබාදෙන එක නතර කරලා තිබෙන්නේ. මෙයට දේශපාලන වසිඳුමක් නැහැ. අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු වාරිකය ලැබුණා. දෙවන වාරිකයත් ලබන සතියේ ලැබෙයි. අයවැය සම්මත කර ගත්තම තමයි දෙවන වාරිකය ලැබෙන්නේ. ඒ විදියට තමයි මෙම වැඩපිළිවෙළ සකස් කරල තිබෙන්නේ. එවිට මෙම නතර වී තිබෙන ව්‍යාපෘති නැවත ආරම්භ කරනවා.

    අපිට ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ බස් රථ 500ක් ලැබුණා.එම බස් රථ ඩිපෝ 107කට බෙදා හැරිය. තවත් බස්රථ 400ක් අලුත් වැඩියා කර බෙදා දුන්නා. 2030 -2050 වසර වන විට නව විදුලි බස්රථ සේවාවාක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා. බස්නාහිර පළාතේ නව විදුලි බස් රථ නියමු ව්‍යාපෘතියක් සඳහා අයදුම්පත් කැඳෙව්වා. මේ සඳහා ලෝකයේ විවිද පෞද්ගලික සමාගම් 08 ක් අයදුම්පත් අරන් ගියා. නමුත් එක් සමාගමක් විතරයි ටෙන්ඩරය ඉදිරිපත් කළේ. මෙම ව්‍යාපෘතියට අනුමත කළොත් එම විදුලි බස් ව්‍යාපෘතිය ක්‍රියාත්කම කරන්න පුළුවන්.

    මේ වන විට අනුරාධපුර සිට යාපනය දක්වා දුම්රිය මාර්ගය සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කර තිබෙනවා. කන්කසන්තුරේ දක්වා නව දුම්රියක් ආරම්භකළා. ඉතිරි දුම්රිය මාර්ගයත් ලබන වසරේ සිට ගලවා අලුත් වැඩියා කරනවා. මේ සියල්ල සිදු වන්නේ ජනවාරි මාසයේ සිටයි.

    මහා මාර්ග, අධිවේගී මාර්ග සහ දුම්රිය මාර්ග සියල්ල පසුගිය මාස කිහිපයේ ඉතාම නරක ලෙස කඩා වැටුණා. ලංකාව පුරා මාර්ග ලක්ෂයේ වැඩපිළිවෙළ යටතේ ආරම්භ කළ සමස්ත ව්‍යාපෘති සියල්ලම එලෙස කඩා වැටුණ.

    2022 වසරේ අපේ රට ලබාගෙන තිබෙන බදු ආදායම රුපියල් බිලියන 1751. රාජ්‍ය සේවක වැටුප් වලට රුපියල් බිලියන 1265lක් රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් වලට ගියාම භාණ්ඩාගාරයේ බදු ආදායමක් ඉතිරි වන්නේ නැහැ. අලුත් මහ බැංකු පනත අනුව නීතියෙන් සල්ලි අච්චු ගහන්න බැහැ. මේ රටේ සියළු සංවර්ධන ව්‍යාපෘති සිදු කර තිනේනේ විදෙස් ණය අරන්. නමුත් අයිඑම්එස් වාරික මුදල් ලැබුණු පසු මෙම ව්‍යාපෘති නැවත ආරම්භකරනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya