නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ග්‍රාම සේවා නිලධාරින්ගේ හිඟ පුරප්පාඩු පිරවීම කටයුතු කරනවා

    නොවැම්බර් 28, 2023

    පළාත් පාලන ආයතනවල සේවය කරන අනියම් සේවකයින් 8400ක් ස්ථිර කිරීමට තීරණය කර ඇතැයි, ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අද (28) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ග්‍රාම සේවා නිලධාරින්ගේ හිඟ පුරප්පාඩු පිරවීම කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, පළාත් පාලන විෂය වඩාත් ක්‍රමවත්ව පැවතිය යුතු බවයි.පළාත් පාලන විෂය මේ රටේ රුධිර පද්ධතිය වගෙයි. ව්‍යවස්ථාදායකය සහ විධායකය මොන තීන්දු තීරණ ගත්තත් ඒවා ක්‍රියාත්මක කරන්නේ පළාත් පාලන ක්ෂේත්‍ර යේ නිලධාරින්. එම නිසා ඉහළ සිට පහළටම මෙම පද්ධතිය ඉතාම නිරෝගී ලෙස තිබෙන්න ඕන. එසේ නොවුනොත් මේ රටම ලෙඩ වෙනවා.

    මේ රටේ ග්‍රාම සේවා වසම් 14,022ක් තිබෙනවා. 11,203 ක් පමණයි ග්‍රාම නිලධාරින් ඉන්නේ. මෙම හිදැස පුරවන්න අග්‍රාමාත්‍යවරයා කටයුතු කරනවා. හිග පුරප්පාඩු පත්වීම් පුරවන්න කටයුතු කරනවා.

    පළාත් පාලන ආයතන තුළ අනියම් සේවකයින් විශාල සංඛ්‍යාවක් සිටිනවා. මේ අතරින් 8400ක් සේවකයින් ස්ථිර කිරීමේ තීන්දුව අරන් තිබෙනවා. ඒ පිළිබඳව ජනාධිපතිවරයාට ස්තුතිය පුද කරනවා.

    රෙජිස්ට්‍රාර් දීමනාව රු 300 දක්වා වැඩි කිරීම ඉල්ලීමක් කරන බවද හෙතෙම කීය.

    ඔවුන්ට මේ වන විට ලැබෙන රුපියල් 750 දීමනාව වැඩි කළ යුතු යැයිද හෙතෙම කීය. එමෙන්ම එම වෘත්තියේ ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතුයි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya