අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී හිටපු LTTE ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන්ගේ දියණියකගේ යැයි පැවසු කාන්තාවකගේ ඇමතුමක් ලබා දීම හා මෙරට ආරක්ෂාව පිළිබඳව මාධ්‍යවේදිනියක් විසින් නැඟූ පැනයකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙරට කිසිවකු නැවත කිසිදිනෙක මෙරට තුළ ත්‍රස්තවාදය ක්‍රියාත්මක වීමට කිසිසේත් කැමති නොවන බව පැවසු අමාත්‍යවරයා, සියලු දෙනා එක්ව රට ගොඩනැඟීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.