නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා මහ බැංකුවේ නිකුතු සුරක්ෂිතාගාරයේ තැන්පත් මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක්

    නොවැම්බර් 28, 2023

    ශ්‍රී ලංකා මහ බැංකුවේ නිකුතු සුරක්ෂිතාගාරයේ තැන්පත් කර තිබූ රුපියල් මිලියන 05 ක මුදලක් අතුරුදන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ දෙකක් පැවැත්වෙන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද (28) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා මහ බැංකුවේ අභ්‍යන්තර විමර්ශන ඒකකය මගින් මෙම පරීක්ෂණ සිදු කෙරෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කර ඇති මුදල් ආරක්ෂා කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව රාජ්‍ය ඇමැතිවරයා පවසා සිටියේය

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    නිකුත් සුරක්ෂිතාගාරයේ සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් අපි ප්‍රකාශයක් ලබා දුන්නා. මේ වන විට මහ බැංකුව මගින් මෙම සිදුවීම සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කෙරෙනවා. පොලීසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසිනුත් විමර්ෂණයක් සිදු කෙරෙනවා. විමර්ෂණ අවසන් වූ පසු මේ සම්බන්ධයෙන් පැහැදිළි ප්‍රකාශයක් ලබා දිය හැකියි. විමර්ෂණ කටයුතු කඩිනමින් අවසන් කරන්නැයි මහ බැංකුව අධිපතිවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලිමක්ද සිදු කර තිබෙනවා. ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් මෙම සභාව දැනුම්වත් කිරීමට කටයුතු කරනවා.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya