පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
පුරාවිද්‍ය අධ්යක්ෂ ජනරාල්වරයකු පත් කිරීම සඳහා මේ වන විට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයිද අමාත්‍යවරයා පැවසීය. පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා පත් කිරීමට අමාත්‍යවරයාට බලතල නැති බවද හෙතෙම සඳහන් කළේය. ඒ අනුව පුවත්පත් දැන්වීමක් පළ කිරීමට ක්‍රියා කරන බව ඇමතිවරයා පවසා සිටියේ ය
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට පුරාවිද්‍යා ප්‍රදේශ 45 ක් හඳුනාගෙන ඇත.ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති පුරාවිද්‍යා ප්‍රදේශ සංඛ්‍යාව 136ක් බවද ඇමැතිවරයා කීය