නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේ දී පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා ලබාදීමට පියවර

    නොවැම්බර් 27, 2023

    අධ්‍යාපන අමාත්‍යංශයේ මැදිහත් වීම මත ඉදිරියේදී පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(27) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය. ග්‍රාමීය ප්‍රදේශ වලට යම් ප්‍රමුඛතාවයක් දී, පාසල් දැරියන් ලක්ෂ තුනකින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට බලාපොරොතු වන බවද හෙතෙම කීය.

     

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    අධ්‍යාපන අමාත්‍යංශයේ අයවැය විවාදය දිනයේදී මම මේ සම්බන්ධව ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවෙන් හිටියේ. අපේ රටේ ප්‍රාථමික අංශයේ දරුවන් ලක්ෂ 16ක් සිටිනවා. 5 වසරේ සිට ඉහළ පන්ති වල දරුවන් ලක්ෂ 24ක් ඉන්නවා. එයින් ලක්ෂ 12ක් පමණ බාලිකා දරුවන් සිටිනවා. අවම වශයෙන් ලක්ෂ 3 සිට පටන් අරන් දරුවන්ට මෙම සනීපාරක්ෂක තුවා ලබාදීමට ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. සී .එස් ආර් ව්‍යාපෘතියක් යටතේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. දරුවන් ලක්ෂ 3කින් පටන් අරන් ක්‍රමයෙන් වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. ලක්ෂ 10ක් පාසල් දැරියන්ට සනීපාරක්ෂකතුවා ලබා දුන්නොත් සියළුම දරුවන් ආවරණය වනෙවා. ප්‍රධාන පාසල් වල දරුවන්ට ලොකු අවශ්‍යතාවයක් නැතැයිද හෙතෙම පැවසීය.

    පාසල් සිසු සිසුවියන් ලක්ෂ 08කට පාවහන් ගැනීම සඳහා රුපියල් 3000 වටිනාකමින් යුත් වවුචර්පත් ප්‍රදානය කිරීමේ ව්‍යාපෘතියද එළඹෙන දෙසැම්බර් 04 ආරම්භ කරන බව අමාත්‍යවරයා කීය.

     

    පාසල් දරුවන්ට පාවහන් වවුචර් පත් ලබා දීම එළඹෙන දෙසැම්බර් 04 පටන් අරන් 27 වෙනිදා අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා.දුෂ්කර, අතිදුෂ්කර , හුදෙකලා පාසල් දරුවන් 407,000කට මෙලෙස වවුචර් පත් ලබා දෙනවා. ලබන වසරේ තවත් ප්‍රතිපාදන ලබා ගෙන දරුවන් වැඩි ප්‍රමාණයකට මෙම වවුචර්පත් ලබා දීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya