නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාලු දිස්ත්‍රික්යේ ගං වතුර ගැටලුව විසඳීමට මෙවර අයවැයෙන් මුදල් වෙන් කිරීම අගය කළ යුතුයි

    නොවැම්බර් 25, 2023

    ගාලු දිස්ත්‍රික්යේ ගං වතුර ගැටලුව විසඳීමට මෙවර අයවැයෙන් මුදල් වෙන් වී තිබීම අගය කළ යුතු බව කාන්තා සහ ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය අද (25) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

    ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

    තවද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල සිටින කුඩා තේ වතු හිමියන්ට සහණ ලබා දිය යුතු බවද ඇය සඳහන් කළාය. වතු කරයේ සිටින පෙර පාසල් දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමට තමාගේ විශේෂ අවධානය යොමු කළ බවද ඇය සඳහන් කළාය.. ඉංග්‍රීසි සහ පරිගණක අධ්‍යාපනය එම දරුවන්ට ලබා දීමට කටයුතු කළ බවද ඇය සඳහන් කළාය. එම ජනතාවට ඔවුන්ගේම යැයි කියා ඉඩමක් හෝ ගෙයක් ලබා දීමට අවස්ථාව ලබාදීම එම ජනතාව නගා සිටුවීමේ එකම විසඳුම බවද ඇය පෙන්වා දුන්නාය.

    බෙන්තර ප්‍ර දේශයේ තිබුණ විශාලම ගැටලුව තමයි පානීය ජල ගැටලුව. වර්තමාන අග්‍රාමාත්‍යවරයා බෙන්තර ජනතාවට පානීය ජල පහසුකම් ලබා දීමට මැදිහත් වීම සම්බන්ධයෙන්
    අග්‍රාමාත්‍යවරයාට ස්තුතිය පිරිනමන බව ද අමාත්‍යවරිය පැවසුවාය. ඉතා ඉක්මනින් ගාල්ල දිස්ත්‍රික්කයේ විශාලතම නගරය වන ඇල්පිටිය සහ බෙන්තර නගර වල ජල කප්පාදු සිදු වෙන බව ඇය පෙන්වාදුන්නාය. බෙන්තර කියන්නේ සංචාරක පුරවරයක්. ඇතැම් විට සතියට දෙපාරක් පමණ මෙලෙස ජල කප්පාදු සිදු වෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya