නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නය විසදීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර සියලු පාර්ශව සමග සාකච්ඡා කළ යුතුයි

    නොවැම්බර් 25, 2023

    වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නයට විසඳුම් ලබා දීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර සියලු පාර්ශව සමග සාකච්ඡා කළ යුතු බව, ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා අද(25) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    2024 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ සිවු වන දිනය වන අද දින ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වතු ජනතාවට ලැබෙන රුපියල් 1000ක වැටුප වුවත් එය 115,000ක් පමණ වූ වතු ජනතාවට බලපාන බවද හෙතෙම පැවසීය. පසුගියදා පැවැත් වූ “ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ වතු ආයතන 20කින් 06ක් පමණක් තමන්ගේ ලාබ අලාභ පෙන්වා ඇති බවයි. ඉතිරි ආයතන 14 තමාගේ ලාභ අලාභ හෝ පෙන්වා නැත. ඇතැම් වතු සමාගම් සාකච්ඡා සඳහා හෝ පැමිණ නැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. වතු කම්කරු වැටුප් ප්‍රශ්නයේදී දේශපාලන අරමුණක් හෝ පක්ෂ විපක්ෂ භේදයක් නැතැයිද අමාත්‍යවරයා කීය. මෙවර අයවැයෙන් වතුකරයේ ජනතාව වෙනුවෙන්  ප්‍රතිපාදන වෙන් කර තිබේ.

    ප්‍රජා මූල ජල ව්‍යාපෘති සම්බන්ධයෙන්ද අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, මේ වන විට ප්‍රජා මූල ජල ව්‍යාපෘති පන්දහසක් පමණ ක්‍රියාත්මක වන බවයි. ඉරණමඩු වැනි ප්‍ර දේශ වල භූගත ජලයේ යම් යම් ගැටලු පවතින බවද හෙතෙම පෙන්වා දුන්නේය. ජලයේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් අමාත්‍යංශයට වගකීමක් ඇතැයිද අමාත්‍යවරයා කීය. ජල ක්ෂේත්‍රයේ පවතින මෙම ගැටලු සම්බන්ධයෙන් තමා අධ්‍යනය කරන බවද හෙතෙම පැවසීය.

    වතුකරයේ ජනතාවගේ ප්‍රධාන ගැටලුවක් වූ පානීය ජල ගැටලුව සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් දැක්වීය. වතුකරයේ ජනතාවට දිගටම තිබෙන ප්‍රශ්නයක් තමයි පානීය ජල ගැටලුව. වතු ජනතාවගෙන් 44%කට පානීය ජල ගැටලුව තිබෙනවා. අවුරදු 200ක් පමණ පැරණි උල්පත්වල ජලය තමයි එම ජනතාව භාවිතා කරන්නේ.පිරිසිදු පානීය ජලය සම්බන්ධයෙන් වතු ජනතාවට අවබෝධයට අඩුයි. ප්‍රජා ජල ව්‍යාපෘති හරහා මේ පිළිබඳව දැනුවත් කළ යුතුයි.

    වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වතු කරයට පමණක් පොදු වූ කෙනෙක් නෙවේ. ඔහු මුළු රටේම ජනාධිපති. වතුකරයේ නියෝජිතයා ලෙස මම කටයුතු කරනවා. ජල සම්පාදනයේ පවතින ගැටලු සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සමගද සාකච්ඡා පැවැත් වුවා. සියළු දෙනා එක්ව වතුකරයේ ජනතාවට විසඳුම් ලබා දිය යුතුයි. වතු වල තිබෙන රජයේ බෙහෙත් ශාලා, පාසල්, සහ රෝහල් නඩත්තු කරන්නේ රජය මගින්. ඒ සඳහා රජය අවශ්‍ය පහසුකම් ලබා දෙනවා. ඉදිරියේදී මෙම බොහෙත් ශාලා සඳහා විශ්‍රාම ගිය වෛද්‍යවරු යොමු කරනවා.

    ආර්ථික අර්බුදය හේතුවෙන් අතපසු වූ සෑම ජල ව්‍යාපෘතියක්ම ඉදිරියේදි කඩිනම් කිරීමට උපදෙස් ලබා දී ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.

    වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, එම වතු ජනතාවගේ ඉඩම් හිමිකම ඔවුන්ටම ලබා දිය යුතු බවයි.එවිට ඔවුන්ගේ රැකියා වලින් ආර්ථික ශක්තියක් ලබා ගෙන ඔවුන්ගේ වතු නිවාස වලම දියුණු විය හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙවර අයවැයෙන් ඒ සඳහා මුදල් වෙන් කර ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    වතු සමාගම් අපිත් එක්ක සාකච්ඡා කළා. වතු සමාගම් ඔවුන් වෙනුවෙන් යම් කිසි උත්සාහයක් දැරිය යුතු වෙනවා.අපි සාකච්ඡා කර මැද තැනකට පැමිණිය යුතුයි. 2003 දී ඒකාබද්ධ ගිවිසුමක් තිබුණා. මේ 2023 වර්ෂය. එම ඒකාබද්ධ ගිවිසුම අදට ගැළාපෙන ලෙස සකස් කර යුතුයි. රජය ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙනවා.

    අපි සෑම විටම කඳුකර ජනතාවට සේවය කළ යුතුයි. කඳකර ජනතාවට තවමත් පානීය ජල පහසුකම් ලැබී නැහැ. මේ සඳහා යෝජනාවක් සකස් කරනවා.

    ශ්‍රී පාද අධ්‍යාපන විද්‍යා පීඨය සම්බන්ධයෙන් අදහස් දැක් වූ තොණ්ඩමන් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එම විද්‍යා පීඨය හේතුවෙන් කඳුකරයේ දරුවන් බොහොමයක් අද අධ්‍යාපනය ලබන බවයි. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමයේ ලක්ෂ තුනක් වූ වතුකර ජනතාවට පුරවැසි බව ලබා දුන් බවද අමාත්‍යවරයා සිහිපත් කළේය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya