නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එළඹෙන පාසල් නිවාඩුවෙන් පසු නව පාසල් වාරයේදී පත්වීම් ලැබූ විදුහල්පතිවරු පාසල්වලට අනුයුක්ත කරනවා

    නොවැම්බර් 24, 2023

    විදුහල්පතිවරු 4672කට මේ වන විට පත්වීම්.ලබා දී ඇති බවත් එළඹෙන පාසල් නිවාඩුවෙන් පසු නව පාසල් වාරයේදී එම විදුහල්පතිවරු පාසල් වලට අනුයුක්ත කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (24) පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශ කළේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාරසිරි රත්නායක මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙම ගුරුවරුන්ට මේ වන විට පළාත් මට්ටමින් මාසික පුහුණුවක් ලබමින් සිටින බවද අධ්‍යාපන අමාත්‍යවරයා කීය.

    දුෂ්කර පාසල්වල දැනට සේවය කරන විදුහල්පතිවරු සඳහාද විශේෂ වැඩපිළිවෙළක් යොදා ඇතැයි කීය. අධ්‍යාපන පරිපාලනවේදී පුරප්පාඩුද හැකි ඉක්මනින් සම්පූර්ණ කරන බව අමාත්‍යවරයා පැවසීය. අධ්‍යාපන පරිපාලනවේදී පුරප්පාඩු 808ක් තිබෙනවා. මේ වන විට එම විභාගයේ ඇගයීම් කටයුතු සිදු වෙනවා. හැකි ඉක්මනින් 404 දෙනෙකුට පත්වීම් ලබා දීමට කටයුතු කරනවා.

    ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ කිසිදු පාසලක් හුදෙකලා විමට ඉඩ නොතබන බවද හෙතෙම පැවසීය මේ යටතේ පර්ෂද පාසල් 1250 ක් රටපුරා පිහිටුවීමට සැලසුම් කර තිබේ. එමගින් ආසන්නයේ පිහිටි පාසල් සියල්ල පාසල් සමුහයක් ලෙස ක්‍රියාත්මක කෙරේ.

    .විශේෂයෙන්ම මොණරාගල වැනි දිසත්‍රික්ක වල එවැනි හුදෙකලා පාසල් තිබෙනවා. එම පාසල් නඩත්තු කරන්න දෙමව්පියන්ට වත්කමක් නැහැ. නමුත් ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පර්ෂදය තුළ තිබෙන පාසල් පර්ෂදයේ ඇති අනෙක් පාසල් විසින් බලා ගන්නා ක්‍රමවේදයක් සැකසෙනවා. එවිට සම්පත් පාසල් අතර බෙදී යනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya