නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිම ජලාශයක් විකුණන්නේ නෑ - කැබිනට් මණ්ඩලය එවැනි සාකච්ඡාවක් කර නෑ - අමාත්‍ය මහින්ද අමරවීර

    නොවැම්බර් 24, 2023

    සමනළ වැව, රන්ටැඹේ, සහ වික්ටෝරියා යන ජලාශ විකිණීම සම්බන්ධව විදුලිබල අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ගෙනැවිත් නොමැති බවත් ජනාධිපතිවරයා හෝ කැබිනට් මණ්ඩලය එවැනි සාකච්ඡාවක් සිදු කර නොමැති බවත් කිසිම ආකාරයකට ජලාශයක් කිසිම රටකට හෝ මේ රටේ අයෙකුට හෝ විකිණීමට කැබිනට් මණ්ඩලය කටයුතු කරන්නේ නැති බව මහින්ද අමරවීර මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ, විදුලි බල අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමිනි.

    විවාදයේ දී තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා;

    ජනාධිපතිතුමාට හා ඇමැතිවරයාට අභියෝග රාශියක් තිබුණා. රුසියාව හා යුක්‍රේණය අතර යුද්ධයක් නිසා ජාත්‍යන්තර වෙළඳ පොළේ මිල වැඩි වුණා. දැන් ඊශ්‍රායල් පලස්තීන ගැටුමක් ඇති වෙලා. පැය 13ක් විදුලිය කපලා අසරණ වුණා ජනතාව. ඉන්ධන පොලිම්වල ගිහින් මිනිසුන් මරුණා. රට අකර්මන්‍ය වෙලා තිබුණා. ඒ වෙලාවේ සාකච්ඡා කර තීන්දුවක් ගත්තා, පාරිබෝගිකයාට අසාධරණයක් නොවන ලෙස අඛණ්ඩව ඉන්ධන විදුලිය ලබාදෙන්න කටයුතු කළේ.

    නැව තියෙනව ඉන්ධන ගන්න බැරුව හිටියා. ඉන්ධන සඳහා ගෙවන සාමාන්‍ය මිලට වඩා වැඩි මිලකට ගන්න සිදු වුණා. දැන් ඒ තත්ත්වය වෙනස් වෙමින් තියෙනවා. විදුලි බිල දැන් ගෙවා ගන්න අමාරු බව දන්නවා.

    හොඳ වර්ෂාපතනයක් තියෙනවා. හොඳ අවස්ථාවක් විදුලියට. එකපාර මිල අඩු කර්න්න පුළුවන් වෙයි කියන්න බෑ. යම් සහනයක් ලැබෙනවා නම් ඒ සහනය අනිවාර්යෙන් ම ජනතාවට ලබාදෙයි. අවශ්‍ය වෙලාවට ජනතාවට ලබාදෙයි. වර්ෂාව අඛණ්ඩව තියෙනවා නම්, ජනතාවට සහනයක් ලබාදෙයි.

    මාර්තු වලින් පස්සේ නියඟයක් ගැනත් කියනවා.ඒකටත් මුහුණ දෙන්න වෙයි. පුනර්ජනනීය බලශක්තිය ආරම්භ වුණේ නෑ. බාධා ක්‍රමණුකූලව ඉවත් වී තිබෙනවා. සූර්ය බලය උපයෝගී කරගත්තොත් පරිසරයට හොඳයි.සමහර නිලධාරින්ගේ කැමැත්ත තිබුණා ඩීසල් බලාගාරවලට. ඒ නිලධාරිත් හැඩ ගැහිලා තිබෙනවා පුනර්ජනනීය බලාගාර ගැන. අපේ රටට හානියක් නොවන ආකාරයට ආයෝජන ලබාගැනීම අවශ්‍ය වෙන්නේ.රටක් ගැන විරුද්ධ වෙලා කතා කරලා වැඩක් නෑ.අවසනාවට කණ්ඩායම් කතා කළා.  ඒ නිසා වූ  විදුලි බිල වැඩිවීමේ වගකීම ඒ අයටත් තියෙනවා.

    සමනළ වැව,රන්ටැඹේ,සහ වික්ටෝරියා යන ජලාශ විකිණීම සම්බන්ධව විදුලිබල අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ගෙනැවිත් නොමැති බවත් ජනාධිපතිවරයා හෝ කැබිනට් මණ්ඩලය එවැනි සාකච්ඡාවක් සිදු කර නොමැති බවත් කිසිම ආකාරයකට මෙම කැබිනට් මණ්ඩලය ජලාශ කිසිම රටකට හෝ මේ රටේ අයෙකුට හෝ විකිණීමට කටයුතු කරන්නේ නැති බවද අමාත්‍යවරයා පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya