නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර පාසල් නිවාඩුව දෙසැම්බර් 22 ආරම්භ වෙයි - අධ්‍යාපන ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි

    නොවැම්බර් 24, 2023

    මෙවර පාසල් නිවාඩුව දෙසැම්බර් 22 ආරම්භ වී පෙබරවාරි 02 දක්වා ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (24) පාර්ලිමේන්තුවේදි පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් ප්‍රිය හේරත් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

    සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග වලට මුහුණ දෙන දරුවන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා රැසක් ආරම්භ කරන බවද හෙතෙම කීය. ජාතික අධ්‍යාපන ආයතනය, වෘත්තිය පුහුණු අධිකාරිය සහ විවෘත විශ්ව විද්‍යාලය යන ආයතන සියල්ල එක්ව මෙම පාඨමාලා ආරම්භ කරනු ලැබේ.

    ඒ අනුව මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින 237,000ක් දරුවන්ට එහි පළමු පාඨමාලාව ආරම්භ කරන බවත් එළඹෙන දෙසැරම්බර් 15 න් පසු එම පාඨමාලා ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන අමාත්‍යවරයා කීය.

     විභාගය අවසන් වෙද්දිම මේ සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කරනවා. ඉංල්‍රීසි භාෂාව සහ තොරතුරු තාක්ෂණයට අමතරව තමන් කැමති තාක්ෂණික විෂයයන් දෙකක් තෝර ගන්න පුළුවන්. දරුවන්ට උසස් පෙළ ප්‍රතිඵල ලැබෙන තුරු මාස 04ක් මෙම පාඨමාලාව හදාරන්න පුළුවන්.විශ්ව විද්‍යාල වලට දරුවන් තෝරා පත් කර ගත් පසු ඉතිරු දරුවන් විභාගයක් පවත්වා සුදුසු පාඨමාලාවන් සඳහා තෝරා ගන්නවා.

    දරුවන්ට ගැළපෙනම වෘත්තියට තමයි පාඨමාලාව ලබා දෙන්නේ. ඉලෙක්ට්‍රොනික් නම් ඉලෙක්ට්‍රොනික් පාඨමාලාව. ප්‍රතිඵල ආවම විශ්ව විද්‍යාල වලට නොයන දරුවන්ට අදාළ තෝරා ගැනීම කළ හැකියි.අඩු ආදායම් ලාභී දරුවන් සඳහා ආධාර ලබා දෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya