නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රිවිධ හමුදාව නිවැරැදි ප්‍රමාණගත කිරීම සිදු කරන්නේ විද්‍යාත්මක ක්‍රමයකටයි- ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 23, 2023

    ත්‍රිවිධ හමුදාව නිවැරැදි ප්‍රමාණගත කිරීම මේවනවිට ආරම්භ කර තිබෙන බවත් එය විද්‍යාත්මක ක්‍රමයකට සිදු කරන බවත් කිසිවෙක් ත්‍රිවිධ හමුදාවෙන් ඉවත් නොකරන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරයි.

    රාජ්‍ය අමාත්‍යවරයා අද (23) පාර්ලිමේන්තුවේ දී ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් මේ බව පැවසීය.

    විවාදයේ දී අඳහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා;

    ආර්ථික අර්බුදය දස ගණනනාවක සමාජ ආර්ථික දේශපාලනයේ ප්‍රතිඵලයක්.යුද්ධය ,කැරළි කෝළහාල නිසා සිදු වූ ආර්ථික පසුබෑම අවතක්සේරු කරන්න බෑ. රටට විරුද්ධ වුනේ රටේ ම පිරිස්. මෙය තේරුම් ගන්න ඕන. මේ නිසා රටේ සමාජ තත්ත්වයට සිදු වූ බලපෑම තේරුම් ගන්න ඕන.

     කොන්ද තියෙන නායකත්වයක් රටට ලැබිලා තිබෙනවා. ජාතික ආරක්ෂාව තහවුරු කරන්නත් අපිට හැකියාව ලැබිලා තියෙනවා. අපේ රටේ යුද්ධයක් නෑ කියලා, ජාතික ආරක්ෂාවට අවශ්‍ය කාර්යභාරය නතර කරන්න බෑ. අපේ රටේ සත්‍යයට මාර්කට් එකක් නෑ. බොරුවට සුවිශේෂී තැනක් ලැබෙනවා. මේ රටේ හමුදාව උතුර දකුණ කියලා වෙනසක් නෑ. මොන ජාතිය ද කියලා සැලකුවේ නෑ. හැමෝටම ත්‍රිවිධ හමුදාව සැළකුවේ එකම විදියටයි.

    ලෝකයේ කුමන රට ගත්තත් ආරක්ෂාව සඳහා වැය කරන මුදල ඉහළ අගයක් ගන්නවා. මේ අයවැයෙන් බොරු අනසි වියදමක් කරනවා කියලා බොරු ප්‍රචාර කරන්න හදනවා. වෘත්තීමය නවීන ත්‍රිවිධ හමුදාවක් අවශ්‍යයි.ඒ සඳහා ආයෝජනයක් කරන්න සිදු වෙනවා. මේවනවිට ත්‍රිවිධ හමුදාව නිවැරැදි ප්‍රමාණගත කිරීම ආරම්භ කර තිබෙනවා. ත්‍රිවිධ හමුදාවට සෙනඟ වැඩි කිව්වා. බරයි කිව්වා. අපි නිවැරැදි ප්‍රමාණගත කිරීම ආවට ගියාට කරන්න බෑ. අවධානම තක්සේරු කර සිදු කළ යුතුයි.අපි කිසිවෙක් ත්‍රිවිධ හමුදාවෙන් ඉවත් කරන්න කටයුතු කරන්නේ නෑ. විද්‍යාත්මක
    ක්‍රමයකටයි මෙය සිදු කරන්නේ.ආරක්ෂක අමාත්‍යාංශය නව්‍යකරණය කරන්න කටයුතු කරගෙන යනවා.

     

    ආරක්ෂක අංශයට මෙවර අයවැයෙන් සියයට  6.5 ක් ලබා දී තිබෙනවා. නමුත් අපේ ඇතැම් දේශපාලක්ඥය්න අගවන්න හදනවා මෙය බොරු වියදමක් කියලා. මෙවර අයවැයෙන් ආරක්ෂක අංශයට රුපියල් බිලියන 423ක් වෙන් කර තිබෙනවා. එයින් 86%ක් වෙන් වෙලා තිබෙන්නේ හමුදාවගේ පඩි නඩි ආදිය සඳහායි.

     ත්‍රිවිධ හමුදාව පොලීසිය කියන්නේ ගෙදරක වහලය වගෙයි. වහල නැති තැන පවුලට ලැබෙන රැකවරණය නැති වනෙවා. අපි මෙය තේරුම් ගත යුතුයි

     

    ආර්ථික අර්බුදයක් එන විට එය ජාතික ආරක්ෂාවට බලපානවා.  එය අපි අත්වින්දා. අපි ආව ගමන් මග ඉතාමත් සංකීර්ණ එකක්.  ජාතික ආරක්ෂාව, නීතියේ ආධිපත්‍යය බිඳ වැටිලා තිබුණා. අවම වශයෙන් පොලිස් නිලධාරියෙකුට දඩ කොළයක්  හෝ ලියා ගන්නවත් නොහැකි තත්වයට මේ රට පත් වුණා. පෝළිම් වලින් මිනිසුන් හෙම්බත් වුණා.උද්ඝෝෂණ නිසා රට හෙම්බත් වුණා. මෙම ආර්ථික අර්බුදය දශක ගණනාවක ආර්ථික ක්‍රියාවලියේ ප්‍රතිපලයක් . දශක ගණනාවක තිබූ අඩු ලුහුඩු කම් නිසා මෙවැනි ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු වුණා

     

    යුද්ධය නිසා කැරලි කෝලාහල නිසා මේ රටට ඇති වූ ආර්ථික පසුබෑම අපට අමතක කරන්න බැහැ. අපේ රටට විරුද්ධ වුණේ රට ඇතුලෙම පිරිස්. ප්‍රභාකරන් කියන්නේ ශ්‍රී ලාංකිකයෙක්.විජේවීර කියන්නෙත් ශ්‍රී ලාංකිකයෙක්. සහරාන් කියන්නෙත් ශ්‍රී ලාංකිකයෙක් එය අපි අමතක කරන්න නරකයි. ඔවුන්ගේ මතවාදයි වෙනස්.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya