නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු නැගෙනහිරි පළාත්වල සේවය කරන පොලිස් නිලධාරින්ට දමිළ භාෂාව ඉගැන්වීමේ වැඩ සටහනක්

    නොවැම්බර් 23, 2023

    උතුරු නැගෙනහිරි පළාත්වල සේවය කරන පොලිස් නිලධාරින්ට දමිළ භාෂාව ඉගැන්වීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක වන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද(23) ප්‍රකාශ කළේය.

    අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවන දිනය වන අද දින ආරක්ෂක අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය යන අමාත්‍යංශ දෙකෙහි වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ,

    පසුගිය තිස් අවුරුදු යුද්ධය කාලයේ උතුරේ කිසිදු දෙමළ තරුණයෙකුට හෝ තරුණියකට පොලීසියට බැදෙන්න දුන්නේ නැහැ. එම නිසා එම පළාත් නියෝජනය වන පරිදි පිරිස බඳවා ගන්න බැරි වුණා. නමුත් අපි 2016 දී, නව ක්‍රමවේදයක් ආරම්භ කළා. පොලිස් නලධාරින්ට දෙමළ භාෂාව උගන්වන වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කළා. නමුත් එම වැඩසටහන දිගටම ක්‍රියාත්මක වුණේ නැහැ. සැරින් සැරේ දුර්වල වුණා. නැවතත් එම වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya