අද (23) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.
පාසල් සිසුන් පිරිසක් සිය දිවා ආහාරය පොලීතින්වල ඔතාගෙන පැමිණි බවට චෝදනා කරමින් ඔවුන්ට එම පොලීතින් කන ලෙස එම විදුහල්පතිවරයා බලකළ බවට සියළු මාධ්‍යයන්හි වාර්තා කර ඇති බව් ඒ සම්බන්ධයෙන් සොයා බලා ස්ථානීය පරීක්ෂණයක් පැවැත් වීමට අධ්‍යාපන අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබේ..
මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේ දීම අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා අමතා තොරතුරු ලබාගෙන ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ අදාළ පාසලේ 11 වන ශ්‍රේණියේ සිසුන් පිරිසක් දිවා ආහාරය ලන්ච් ෂීට්වල ඔතාගෙන රැගෙන විත් ඇති බවය.
පාසල පොලිතීන්වලින් තොර කලාපයක් ලෙස පවත්වාගෙන යන බැවින් අදාළ සිසුන්ට එම ලන්ච් ෂීට් හා පත්තර කඩදාසි කන ලෙස විදුහල්පතිවරයා බලකර තිබේ. කෙසේ වෙතත් අදාළ සිදුවීමට මුහුණදුන් පාසල් සිසුන් දෙදෙනෙක් ඊයේ උදෑසන වනවිටත් නාවලපිටිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවට අනාවරණය වූ බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.
සිදුවීමට මුහුණදුන් අනෙක් සිසුන් පස්දෙනා අද (23) දින පාසල් පැමිණ ඇති බව ද පැවසු අධ්‍යාපන අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී නාවලපිටිය පොලීසියට ද පැමිණිල්ලක් ලැබී ඇතැයි කියා සිටියේය.