දේශක විවිත්‍ර ධර්ම කථික විහාරගම සිරිනන්ද ස්වාමීන් වහන්සේගේ විසින් පවත්වනු ලැබූ කාව්‍යමය ධර්මානුශාසනාවන්ගෙන් සෙත් ප්‍රාර්ථනා සිදු කළ අතර උතුම් වූ මව් පදවිය හා පිතෘත්වය පිළිබඳ ධර්ම දේශනාවන්ගෙන් මෙම සුඛී දීඝායු උත්තම පූජා වැඩසටහන සමන්විත විය. එම වැඩසටහන අවසානයේ ගර්භණී මව්වරුන් 60 දෙනෙකු සඳහා අළුත උපන් බිළිඳෙකුට අවශ්‍ය උපකරණ කට්ටල බෙදා දීම සිදු විය.
එම අවස්ථාවට පෑලියගොඩ නගර සභාවේ නාගරික ලේකම් කේ. තරංගා ගම්ලත්, මාස්ටර් ගයිඩ් පුද්ගලික සමාගමේ සභාපතිනි දිස්නා රංජනී වනිගසේකර, පෑලියගොඩ නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාවේ වෛද්‍ය කේ.එස්. කුමාරනායක, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යතුමන්ගේ සම්බන්ධීකරණ ලේකම් සංජය සුජීව යන මහත්ම මහත්මීන් ඇතුළු පවුල් සෞඛ්‍ය නිලධාරීන්, ගැබිණි මව්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.