ඒ අනුව ඉවත්වන ලෙස දැනුම් දෙන ඇඟවීම මට්ටම 3 රතු වර්ණයෙන් යුතු නිවේදනය රත්නපුර දිස්ත්රික්කයේ වැලිගෙපොල, බලංගොඩ ,ඉඹුල්පේ ,ඕපනායක සහ කොලොන්න යන ප්රදේශවලට නිකුත් කර ඇත.
එසේම අවධානයෙන් සිටින ලෙස දැනුම්දෙන ඇම්බර් වර්ණයෙන් යුතු අනතුරු ඇඟවීමේ මට්ටම් 2 නිවේදනයක් බදුල්ල දිස්ත්රික්කයේ හපුතලේ, පස්සර, ප්රදේශවලටත් මහනුවර දිස්ත්රික්කයේ තුම්පනේ, දොළුව, ගඟෛහළකෝරලේ, උඩුනුවර සහ පස්බාගේකෝරලය ප්රදේශවලට නිකුත් කර තිබේ.
තවද කෑගල්ල දිස්ත්රික්කයේ මාවනැල්ල, රුවන්වැල්ල ,බුලත්කොහුපිටිය, යටියන්තොට,වරකාපොල ,කෑගල්ල, අරනායක සහ ගලිගමුව ප්රාදේශීය බල ප්රදේශවලටද මාතර දිස්ත්රික්කයේ පස්ගොඩ ප්රදේශයටද රත්නපුර දිස්ත්රික්කයේ ගොඩකවෙල, ඇහැලියගොඩ,රත්නපුර,කලවාන , ඇලපාත සහකුරුවිට ප්රදේශවලටද මෙලෙස අවධානයෙන් සිටින ලෙස දැනුම්දෙන නිවේදනයක් නිකුත් කර ඇත.
විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම්දෙන අනතුරු ඇඟවීමේ මට්ටම එක කහ වර්ණයෙන් යුතු නිවේදනය බදුල්ල ,ගම්පහ,හම්බන්තොට ,මහනුවර,කෑගල්ල ,කුරුණෑගල,මාතලේ,මාතර,නුවරඑලිය සහ රත්නපුර දිස්ත්රික්කවල ප්රදේශීය බලප්රදේශයන් වෙත නිකුත් කර තිබේ.
එම දිස්ත්රික්කවලට අයත් ප්රාදේශීය බලප්රදේශ වන්නේ
බදුල්ල දිස්ත්රික්කය:
- ඇල්ල
- වැලිමඩ
- හල්දුම්මුල්ල
- බදුල්ල
ගම්පහ දිස්ත්රික්කය:
- අත්තනගල්ල
හම්බන්තොට දිස්ත්රික්කය:
- වලස්මුල්ල
මහනුවර දිස්ත්රික්කය:
- උඩපලාත
- පාතදුම්බර
- මැදදුම්බර
- උඩුදුම්බර
- දෙල්තොට
කෑගල්ල දිස්ත්රික්කය:
- දෙහිඹ්විට
- රඹුක්කන
කුරුණෑගල දිස්ත්රික්කය:
- රිදීගම
- පොල්ගහවෙල
මාතලේ දිස්ත්රික්කය:
- උකුවෙල
මාතර දිස්ත්රික්කය:
- මුලටියාන
- කොටපොල
නුවර එළිය දිස්ත්රික්කය:
- කොත්මලේ
රත්නපුර දිස්ත්රික්කය:
- කිරිඇල්ල
- නිවිතිගල
- පැල්මඩුල්ල
- අයගම
- කහවත්ත