එහි දී දෙරට අතර ආර්ථික, වෙළෙඳ හා ව්‍යාපාරික මෙන්ම ආයෝජන අවස්ථාවන් පුළුල් කිරීම සම්බන්ධයෙන් මෙහි දී දෙපාර්ශවය පුළුල් වශයෙන් සාකච්ඡා කරන ලදී. ආර්ජන්ටියානු වෙළෙඳපොල වෙත මෙරට අගය එකතු කළ නිෂ්පාදනයන් අපනයනය කිරීමට ඇති හැකියාව පිළිබඳවත්, ආහාර සැකසුම්කරණය හා වඩා වැඩි නිෂ්පාදන ප්‍රමාණයක් වඩා ඉහළ ධාරිතාවයකින් අපනයනය කිරීමට අවශ්‍යය උසස් තාක්ෂණික දැනුම හා ඥාණය ලබා ගැනීම පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී තානාපතිවරයාගෙන් විමසා සිටින ලදී.
හිරුඑළිය, භූමිය ආදී කෘෂිකාර්මික කටයුතු සදහා වඩා යෝග්‍ය පරිසරයක් හා විභවතාවයක් සහිත රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව හා ආර්ජන්ටිනාව යන රාජ්‍යයන් අතර කෘෂිකාර්මික සහයෝගීතාවය සම්බන්ධ වැඩපිළිවෙලක යෝග්‍යතාවය තානාපතිවරයා විසින් සඳහන් කරන ලදී.
මේ වන විට ශ්‍රී ලංකාව කඩිනමින් ප්‍රකෘතිමත් ආර්ථිකයක් කරා ගෙන ඇති සාධනීය වැඩපිළිවෙල මෙහිදී ඔහුගේ ප්‍රශංසාවට ලක් විය. ආර්ජන්ටියානු නිෂ්පාදනයන් වන සූරියකාන්ත ඇතුළු තෙල් වර්ග (edible oil), වයින් හා ඖෂධ යන නිෂ්පාදනයන් මෙරට වෙළෙඳපොළ තුළ ප්‍රචලිත කිරීමත්, මෙරට නිෂ්පාදනය කෙරෙන සත්ත්ව ආහාර නිෂ්පාදනයන් සදහා අවශ්‍ය අමුද්‍රව්‍යය ලබා ගැනීමත් සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර මේ වන විට තායිලන්තය, චීනය, බංගලාදේශය හා ඉන්දියාව ආදී රාජ්‍යයන් සමග ද්වීපාර්ශවීය වෙළෙඳ ගිවිසුම්හි හවුල්කාරීත්වය දරන ශ්‍රී ලංකාව සමග ආයෝජන අවස්ථා වඩාත් සාධනීය ලෙස පුළුල් කිරීම හරහා GSTP (Global System of Trade Preferences) යන වෙළෙද ගිවිසුම හරහා වන රාජ්‍යයන් අතර සබඳතාවය සංචාරක හා ක්‍රීඩා ක්ෂේත්‍රය යන අංශ ආශ්‍රිතව තවත් පුළුල් කිරීමටත්, ශ්‍රී ලංකා මෘදුකාංග සේවා සමාගම් සංගමය (SLASSCOM) හා අනිකුත් තොරතුරු තාක්ෂණ ආයතන සමග එක්ව හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය ආශ්‍රිතව වඩා ඉහළ තාක්ෂණික හුවමාරු කටයුතු දියත් කිරීම සම්බන්ධයෙන්ද මෙහි දී සාකච්ඡා කරන ලදී.
මෙම අවස්ථාව සදහා වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් ඒ.එම්.පී.එම්.බී අතපත්තු මහතා, වාණිජ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ලක්මිණී මෙන්ඩිස් ඇතුළු අමාත්‍යාංශ නිළධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.