පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කරන ලද ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පුනර්ජීවනය සඳහා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයක් ආරම්භ කිරීම
නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා සහ පිළිවෙළින් වෙනත් මන්ත්‍රීවරයන් 14 දෙනෙකු සහ 12 දෙනෙකු විසින් වෙන වෙනම කරන ලද ඉල්ලීම් පරිදි “කඳුකරය සුරැකීම” සහ “මානව හිමිකම්” පිළිබඳව පාර්ලිමේන්තු සංසද දෙකක් ආරම්භ කිරීම විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සභා ගර්භය තුළ අසුන් ගැනීම
2024 වර්ෂය සඳහා විසර්ජන පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස කාරක සභා අවස්ථාවේ විවාදය 2023 නොවැම්බර් 22 දින එනම් අද දින ආරම්භ කිරීමට නියමිත බැවින් පූර්ණ පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් විසින් සභා ගර්භය තුළ අසුන් ගැනීම පිළිබඳ රීති සම්බන්ධයෙන් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ දැන ගැනීම සහ අවධානය සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
ඒ අනුව සාම්ප්‍රදායිකව අයවැය කාරක සභා අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයාට, තම කැබිනට් අමාත්‍යවරයා ආසන්නයේ අසුන්ගත හැකිවුවද, විවාදයේදී කථා කිරීම වෙන්කරන ලද අසුනේ සිට පමණක් සිදු
කළ යුතු බව කථානායකවරයා දැනුම් දුන්නේය.
අයවැය කාරක සභා අවස්ථාවේ වැඩසටහනෙහි සිදු කරන ලද
සංශෝධන
2024 අයවැය කාරක සභා අවස්ථාවේ වැඩසටහනෙහි පරිසර අමාත්‍යාංශයේ, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතව තිබූ දින සංශෝධනය කර තිබෙන බැවින් එම ප්‍රතිශෝධිත දින පිළිබඳව කථානායකවරයා සභාව දැනුවත් කළේය.
ඒ අනුව;
2023 නොවැම්බර් 27 සඳුදා විවාදයට ගැනීමට නියමිතව තිබූ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂ 2023 දෙසැම්බර් 02 සෙනසුරාදා දිනද;
2023 දෙසැම්බර් 02 සෙනසුරාදා විවාදයට ගැනීමට නියමිතව තිබූ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ 2023 දෙසැම්බර් 05 අඟහරුවාදා දිනද;
2023 දෙසැම්බර් 05 අඟහරුවාදා විවාදයට ගැනීමට නියමිතව තිබූ පරිසර අමාත්‍යාංශයේ සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂ 2023 නොවැම්බර් 27 සඳුදා දිනද; විවාදයට ගැනීමට නියමිත බවත්, එකී සංශෝධන ඇතුළත් ලිපියක පිටපතක් සෑම මන්ත්‍රීවරයෙකුගේම සභා මේසය මත මේ වනවිටත් තබා තිබෙන බවත්, කථානායකවරයා දැනුම් දුන්නේය.