නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහා භාණ්ඩාගාරයට බරක් නොවි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය ජනතවට තම සේවා සැපයීමට වැඩපළිවෙලක්

    නොවැම්බර් 22, 2023

    මහා භාණ්ඩාගාරයට බරක් නොවි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය ජනතවට තම සේවා සැපයීම වෙනුවෙන් වැඩපළිවෙල රැසක් සම්පාදනය කර බව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති මහාචාර්ය නන්ද ධර්මරත්න මහතා පැවසීය.

    ඒ් මහතා මේ බව පැවසුවේ, ප්‍රමිතිගත ග්‍රන්ථකරණය සහ ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලයේ කාර්ය භාර්ය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වූ අවස්ථාවේදීය.

    ජාතික පුස්තකාලය යනු දැනුමේ කේන්ද්‍රස්ථානක් බව කී මහාචාර්ය නන්ද ධර්මරත්න මහතා, සිංගප්පූරුව ,එංගලන්තය ,ඉන්දියාව වැනි රටවල ජාතික පුස්තකාලයක් යනු විශ්වවිද්‍යාලවලට නොදැවෙනි ඉතාමත්ම කිර්තිමත් සේවාවක් ලබා දෙන ස්ථානයක් ලෙස පිළිගන්නා බවද කීය.

    ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය පර්යේෂණාත්මක ආයතනයක් බවත් පුස්තකාල සහ පුස්තකාලාධිපතිවරුන් සඳහා ද , කතූවරුන් සහ ප්‍රකාශකයන් සඳහා ද , යම් යම් පර්යේෂණ සිදු කරන බුද්ධිමතුන් සඳහා මෙන්ම විශාරදයන් සඳහා ද , සාමාන්‍ය ජනතාව සඳහා ද වටිනා සේවාවන් රැසක් ලබා දෙන බව මහාචාර්ය නන්ද ධර්මරත්න මහතා පැවසුවේය.

    විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සෑම විශයකයටම අදාළව කමිටූ ඇති බව පෙන්වා දුන් සභහාපතිතුමා, සේවාලාභීන්ට සේවාව ලබා දීමට පළමුව ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමඟ සාකච්ඡා පවත්වා පුස්තකාල විද්‍යාව සම්බන්ධයෙන් ස්ටෑන්ඩින් කමිටිහි සාමාජිකත්වය ලබා ගෙන ඇති බවද කීය.

    පොත් ප්‍රදර්ශන පැවැතිවීම , පුස්තකාල විද්‍යාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීම , ලේඛණ සංරක්ෂණය කිරීම, පැරණි පුස්කොල පොත් සහ පැරණි උරුමයන් සංරක්ෂනය කිරීම , ලෝක උරුමයන් සඳහා යුනෙස්කෝ හරහා අපගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට අධිකාරි බලය ඇත්තතේ ද ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයට බව මහාචාර්ය නන්ද ධර්මරත්න මහතා පැවසීය.

    පාඨමාලා රැසක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සම්බන්ධ කරමින් ආරම්භ කිරීමට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය කටයුතු කර ඇති බව කී සභාපතිවරයා, පුස්තකාල විද්‍යාව ආශ්‍රිත ඇති විෂයන් වන පර්යේෂණ ක්‍රමවේදය , දත්ත විශ්ලේෂණය ,ලේඛකත්ව පාඨමාලාවන් වැනි වැදගත් පාඨමාලාවන් රැසක් ආරම්භ කර ඇති බවද පෙන්වා දුන්නේය.

    ඒසේම ද ලේඛකත්ව පාඨමාලාව දමිළ භාෂාවෙන් ආරම්භ කිරීමටද සියලුම කටයුතු සූදානම් කර ඇතැයි කී මහාචාර්ය නන්ද ධර්මරත්න මහතා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය ඩිජිටල්කරණය කිරීමටද කටයුතු කරන බව කීය.

    තොරතුරු තාක්ෂණ එජන්සිය සමඟ සම්බන්ධ වී දිස්ත්‍රික්ක 25 තුළ තොරාගත් පූස්තකාල 25ක් ඩිජිටල්කරණය කිරීමට කටයුතු කරන බවත් ඒක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ සාකච්ඡා කර මිලියන 39 ක් ගෙන උතුරු නැගෙනහිර පුස්තකාල ඩිජිටල්කරනය කරන බවත් හැකි සෑම පුස්තකාලයක්ම ඩිජිටල්කරණය කර ඒහි කේද්‍රස්ථානය බවට ජාතික පුස්තකාලය පත් කරන බවද මහාචාර්ය නන්ද ධර්මරත්න මහතා පෙන්වා දුන්න්නේය.

    අස්පස්සනීය උරුමයන් ලෝක උරුමයන් බවට පත් කීරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බව කී සභාපතිවරයා අපේ සිරිත් විරිත් හර පද්ධති ලෝක උරුමයන් බවට පත් කිරීමටත් , අප රටේ යම් වැදගත් ස්ථාන , පොත් පත් , සෙල්ලිපි ලෝක උරුමයන් බවට පත් කිරීමටත් කටයුතු කරන බවද කීය.

    ඒසේම පානදුරාවාදයට සම්බන්ධ සියලු ලිපිලේඛණ ලෝක උරුමයන් කිරීමටද කටයුතු කරන බවත් කුරුණෑගල ඇත් කඳ විහාරයේ ඇති ජාතක පොත් ලෝක උරුමයක් කිරීමට සාකච්ඡා කරනවා බවත් ක්‍රිස්තියානි ආගමේ ඇති වැදගත් මංගල්‍යක් වන පාස්කු උත්සවය මීගමුවේ දූවේ ඇති පාස්කු උත්සවය ලෝක උරුමයක් ලෙස නම් කිරීමටද පියතුමන්ලා සමඟද සාකච්ඡා කරන බවද සභාපතිවරයා පැවසීය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya