නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිරසාර ප්‍රවාහන පද්ධතියක්‌ සඳහා විද්‍යුත් බලශක්ති ක්‍රමවේදයට පරිවර්තනය වීම අවශ්‍යයි - ප්‍රවාහන අමාත්‍ය

    නොවැම්බර් 22, 2023

    ලොව පුරා මෝටර් රථ කර්මාන්තයේ  නව සොයාගැනීම්, නවෝත්පාදන රැසක්  සිදු වෙමින් පවතින කාලයක පොසිල ඉන්ධන භාවිතය සීමා කරමින්, දෙමුහුන් සහ විද්‍යුත් ඇතුළු විකල්ප බලශක්ති ක්‍රමවේද සඳහා ලෝකය යොමු වෙමින් පවතින අතර ශ්‍රීලංකාව තුළ තිරසාර ප්‍රවාහන පද්ධතියක්‌ සඳහා විද්‍යුත් බලශක්ති ක්‍රමවේදයට පරිවර්තනය වීමේ අවශ්‍යතාවය පවතින බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.


    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, (19) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 16 වැනි වරට සංවිධානය කරනු ලැබූ 2023 කොළඹ මෝටර් රථ ප්‍රදර්ශනය නැරඹීමට එක් වූ අවස්ථාවේ දීය.

    2023/2050 වන විට ලෝකයේ පොදු ප්‍රවාහනය පුර්ණ වශයෙන් විද්‍යුත් කරණය සඳහා කටයුතු කෙරෙමින් තිබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා ලෝකයේ E-motoring ක්‍රමවේදය වෙත වේගයෙන් හුවමාරු වෙමින් තිබෙන බවත් සඳහන් කළේය.

    ආනයනික විද්‍යුත් වාහන, මෝටර් රථ උපාංග ඇතුලු ප්‍රදර්ශන කුටි රැසක් සහ යුධ හමුදාව, නාවික හමුදාව විසින් දේශීයව නිෂ්පාදනය කරනු ලබන යුද ටැංකි, ජීප් රථ ඇතුලු වාහන
     මෙවර ප්‍රදර්ශනට ඇතුළත් වේ.

    ප්‍රදර්ශනයේ විශේෂ ප්‍රදර්ශන කුටි රැසක් අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්‌ වූ අතර ඊට එක්ව සිටි ව්‍යාපාරිකයින්, නිෂ්පාදකයින් සමඟ සුහද කතා බහකට ද අමාත්‍යවරයා එක්විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya