නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වන අලි ගැටළු අවම කිරීම පිළිබඳ සාකච්ඡාවක්

    නොවැම්බර් 22, 2023

    පො‌ළොන්නරුව දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ වලට දීර්ඝ කාලයක සිට බලපා ඇති වන අලි ගැටළු අවම කරලීම ගතයුතු ක්‍රියාමාර්ග සහ වනජීවී බල ප්‍රදේශ හේතුවෙන් ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතීඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ සහභාගීත්වයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දීපැවැත්විණි.

    අලි මිනිස් ගැටුම විසඳීම සඳහා කෙටිකාලීන හා දිගුකාලීන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ සඳහා වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව කඩිනමින් කටයුතු කළයුතු බවටත් අමාත්‍යවරිය එහිද‍ි වනජීවී ‍‍‍අධ්‍යක්ෂක ජනරාල්වරයා ඇතුලු නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

    දීර්ඝ කාලයක සිට වන සංරක්ෂිත ප්‍රදේශ තුළ ගොවිතැන් කටයුතු සිදු කරන , පාරමිපරික කර්මාන්තයන්හි නියැලෙන හා ජීවත්වන පුද්ගලයන්ගේ ගැටලු විසඳීම සඳහා ඔවුන්ගේ ඉඩම් හිමිකම් පිළිබඳ තොරතුරු කඩිනමින් අන්තර් අමාත්‍යංශ අනුකමිටුව වෙත දිස්ත්‍රික් ලේකම් මගින් යොමු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසද අමාත‍්‍යවරිය ප්‍රාදේශීය ලේකම්වරුන්ට එහිද‍ි උපදෙස් ද‍ී තිබේ.


    ජනගහනය වැඩිවීමත් , අලි ගහනය වැඩිවීමත් සීමිත භූමියක් ඇති ලංකාව වැනි රටකට බරපතළ අභියෝගයක් බව තේරුම් ගෙන කටයුතු කළ යුතු බවද එහිදී අමාත්‍යවරිය අවධාරණය කළාය.


    මෙම අවස්ථාවට පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය , පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් .ඒ. ධර්මසිරි මහතා ඇතුලු දෙපාර්තමේන්තු හා ආයතන ප්‍රධානීන් , ගොවි සංවිධාන නියෝජිතයන් ඇතුලු ප්‍රාදේශීය ජනතා නියෝජිතයන් පිරිසක් ද සහභාගි විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya