පෞද්ගලික අංශයේ ඉතාම හොඳ ආරවුල් නිරාකරණය කර ගැනීමේ යාන්ත්‍රණයක් තිබෙන බව ද, ඒ ආකාරයෙන් රාජ්‍ය අංශය තුළ පවතින ආරවුල් වැලක්වීමට සහ නිරාකරණය කිරීමේ අවශ්‍යතාවය හේතු කර ගෙන එකී අරමුණින් යුතුව සමාජ කතිකාවත, උපදේශනය, සමථකරණය, සහ බේරුම්කරණය යන සංකල්ප මත පදනම්ව, මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව හෙතෙම සඳහන් කළේය.
ඒ අනුව, සෞඛ්‍ය සහ ප්‍රවාහන ක්ෂේත්‍රයේ සේවා ස්ථාන 04 ක් අදාළ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති අතර ඒ සඳහා මේ වන විට ජාත්යන්තර කම්කරු සංවිධානයේ තාක්ෂණික මුල්‍ය සහාය ද ලැබී තිබේ.
එම නියමු ව්‍යාපෘතිය යටතේ නියමු සේවා ස්ථාන සංසද පිහිටුවා ඇති අතර ඒවායේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් අදාළ පාර්ශ්වයන් අතර සහයෝගිතාවය වර්ධන වී ආරවුල් වැළක්වීම සහ ආරවුල් නිරාකරණය සංධා පදනමක් නිර්මාණය වන බව තහවුරු වී තිබේ.
ඒ අනුව මෙමඟින් රජයේ ආයතන වල සංසද ස්ථාපිත කිරීම, සෞඛ්‍ය, ප්‍රවාහන, වරාය හා නාවික, අධ්‍යාපන සහ අනිකුත් අංශ සඳහා වෘත්තීය සංගම් වල හා කළමනාකාරීත්වය නියෝජිතයින්ගෙන් සමන්විත අංශික සංසද පිහිටුවීම, වෘත්තීය සංගම්, අදාළ අමාත්‍යංශ/අංශික සභා, ආයතන අධ්‍යක්‍ෂ ජනරාල්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ සහ ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ නියෝජිතයින්ගෙන් සමන්විත සංවාද සංසද පිහිටුවීම, පළාත් මට්ටමින් පළාත් සමථකරණ මණ්ඩල 09ක් ස්ථාපිත කිරීම, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය යටතේ ජාතික බේරුම් කරන සංචිතයක් ස්ථාපිත කිරීම මෙම නියමු ව්‍යාපෘති වලට යටත් වෙන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.
ඒ අනුව, මෙමඟින් සේව්‍ය සේවක දෙපාර්ශ්වයම අතර පවතින අනවබෝධ තත්ත්වය සම්පුර්ණයෙන් නැති කර ගැනීමටත්, වඩා විනිවිද පෙනෙන ආකාරයට දෙපාර්ශවය අතර අන්තර් සහයෝගිතාවය වර්ධනය කරගැනීමටත් ගැටුම් පහසුවෙන් නිරාකරණය කර ගැනීම තුළින් වඩා ශ්‍රම ඵලදයිත්වයකින් යුතුව රටේ ආර්ථික ප්‍රගමනයට විශාල දායකත්වයක් සැමගෙන් ලබා ගත හැකි බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.