ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
විදුලිබල අමාත්‍යවරයා වශයෙන් කාංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව විශාල කාලයක් ඉතා පුළුල් ලෙස සාකච්ඡා, සම්මන්ත්‍රණ, වැඩමුළු යනාදියට සම්බන්ධවී විශාල වෙහෙසක් දරා මෙම ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ඉදිරිපත් කළ බවද, එම පනත් කෙටුම්පතට අමාත්‍යවරුන්ගේ තවත් අදහස් ඇතිනම් ඒවා ලබාදීම සඳහාත් කාලයක් ලබාදෙමින් ඊයේ අවසාන වශයෙන් පනත් කෙටුම්පත ඉදිරිපත් කළ බවද වැඩිදුරටත් පැවසුවේය.
ඒ අනූව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබූ පනත් කෙටුම්පත සඳහා නීතිපතිතුමාගේ නිෂ්කාශන ලැබී ඇතැයිද, ඒ අනූව මෙම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් විදුලිබල බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව අවධාරණය කළේය.