පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර මහතා සහ දයාසිරි ජයසේකර මහතා යොමු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසීය.
අදියර වශයෙන් පොහොර ලබාදීමේ වැඩසටහන් දියත් කළා. පසුගිය කන්නයේ නියමිත වෙලාවට, නියමිත දිනයට පෙර පොහොර ලබාදුන්නා.පොහොර හිඟයක් ගිය කන්නයේ සිදු වුනේ නෑ. වැඩිම වී අස්වැන්න ගිය කන්නයේ ලැබුණා. ඩීසල් ලබාදීම චීන රජයේ ඉන්ධන සහනාධාරයක් ලෙස. ගොයම් කපන වෙලාවේ දුන්නේ.නැවත ඉන්ධන බෙදාගෙන යනවා. මූල්‍ය අර්බුදයක් මැද්දේ මේ බෙදා හැරීම් කරගෙන යන්නේ. වී මිලදී ගැනීමට මුදල් ලැබෙන විදියට ක්‍රියාත්මක වන්නේ. මුදල් ලැබෙන ආකාරයට එය කරන්න සිදු වන්නේ.
සහල් ගෙන ඒමේ අවශ්‍යතාවක් නොමැති බවත් විශාල අස්වැන්නක් තිබෙන බවත් කීරි සම්බාවල හිඟයක් තිබෙන බවත් කී අමාත්‍යවරයා මෙසේ ද කීය. සහල් වී තියාගෙන ඉන්නේ මෝල් හිමිය. ඒ නිසා හිඟයක් ඇති වී තිබෙන්නේ.කීරි සම්බ සහල් නෑ. රාජ්‍ය අංශයේ වෙළන්ද සැල් මඟින් අලෙවි කරන්න සහල් ගෙන්න ඉල්ලීමක් අර තිබෙන්නේ වෙළඳ අමාත්‍යවරයා විසින් ''යැයි පැවසීය.