නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාරාන්තික උපවාසයට පැමිණි අනධ්‍යයන සේවක පිරිස් අධ්‍යාපන ඇමති මැදිහත් වීමෙන් උපවාසය අත්හරී

    නොවැම්බර් 20, 2023

    සමස්ත ලංකා අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය සහ ඒකාබද්ධ වෘත්තීය සේවක සංගමය එක්ව වසර කිහිපයක් තිස්සේ නොවිසඳුණු ඔවුන්ගේ සේවක අයිතීන් කිහිපයක් මුල් කරගනිමින් අද (20) ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට දී මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබූ අතර එම උපවාස භූමිය වෙත පිවිසි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඔවුන්ට එම උපවාසය අත්හැර ඒ පිළිබඳ තමා සමඟ සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙස දැනුම් දුන්නේය.



    ඒ අනුව, අනධ්‍යයන සේවක සංගම් නියෝජනය කරමින් එහි සභාපති කුමුදු එස් කටපොලු‍ගේ සහ ලේකම් දේශබන්දු මද්දුම බණ්ඩාර මහතා අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ම සිය අමාත්‍ය කාර්යාලය වෙත කැඳවා ගෙන යනු ලැබීය.

    සියලු‍ තනතුරුවල සේවයේ යෙදෙන අනධ්‍යයන සේවකයින් මුහුණදෙමින් සිටින ගැටළු රැසක් පිළිබඳ ව මෙහි දී සංගම් නියෝජිතවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන ලදී. ඒ අනුව ඔවුන්ගේ ගැටළු වෙනුවෙන් විසඳුම් ලබාදීමට විෂය භාර අමාත්‍යවරයා වශයෙන් තමා මැදිහත්වන බව ද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ ය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya