අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයහපත් කාලගුණික තත්ත්වය- සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටින පාසල් දරුවන්ට ප්‍රවාහන පහසුකම්

    ජූනි 06, 2023

    කලුතර දිස්ත්‍රික්කයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍යපෙළ විභාගයට පෙනීසිටින පාසැල් දරුවන්ට සහකාර්ය මණ්ඩලයට අපහසුවක් නොවීම සඳහා ප්‍රවාහන පහසුකම් ලබා දීමට කටයුතු කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් කලුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ සහ වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල විභාග මධ්‍යස්ථාන වෙතප්‍රවේශ වන මාර්ග ජලයෙන් යටවී තිබේ.

    ඒ අනුව ප්‍රවාහන දුෂ්කරතා මගහරවා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා සහය ලැබී තිබේ.එසේම ඉදිරි දින කීපය තුළ දී යම් ආපදාවතත්වයක් නිසා විභාගයට පෙනී සිටීමට බාධාවන් ඇති වන්නේ නම් ආපදා කළමාකරණ මධ්‍යස්ථානයේ හදිසිඇමතුම් අංක 117 ඇමතීමෙන් අවශ්‍ය උපකාර ලබාගත හැකි බවත් එම මධ්‍යස්ථානය වැඩිදුරත් දැනුම් දෙයි.

    මෙවර සාමාන්‍ය පෙළ විභාගය බාධාවකින් තොරව පවත්වා ගෙන යාම සදහා සකස් කරන ලද ආපදා පෙරසුදානම් සැළසුම අනුව සියලු දිස්ත්‍රික්ක තුළ ආපදාතත්වයන් නිසා ඇති වන බාධා මගහැර ගනිමින් සාමාන්‍ය පෙළ විභාගය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සදහා විභාග දෙපාර්තමේන්තුව සමග ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රාදේශීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා සම්බන්ධීකරණ යාන්ත්‍රණයක් දිවයින පුරා ක්‍රියාත්මක කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya