අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අරුවක්කාලු කසල රඳවන මෙහෙයුම් ලබන වසරේදී ඇරඹේ

    මැයි 29, 2023

     ඉදිකිරීම් කටයුතු මෙම වසරේදී අවසන්...
     අරුවක්කාලු හී නව දුම්රිය අංගනයක් හා වේදිකාවක් සහ නව හරස් මාර්ගයක් ඉදිකිරීමටත් යෝජනා... - අමාත්‍ය ප්‍රසන්න රණතුංග

    අරුවක්කාලු කසල ගොඩබෑම,කසල පැටවීම සහ කසල රඳවන පහසුකමේ මෙහෙයුම් කටයුතු ලබන වසරේදී ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    අමාත්‍යවරයා නිළධාරීන්ට උපදෙස් දුන්නේ මෙහි ඉදිකිරීම් කටයුතු මෙම වසර අවසන්වනවිට නිම කරන ලෙසයි.

    දිනෙන් දින ඉහළ යන නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටළුව විසඳීම සඳහා සනීපාරක්ෂක කසල රඳවනයක අවශ්‍යතාවය අරමුණු කරගනිමින් මෙම කසල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ. වර්තමානයේ අරුවක්කාලු කසල ව්‍යාපෘතිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වේ.

    ඒ අනුව කොළඹ අග නගරයේ දෛනිකව එකතු වන කසල මෙට්ට්‍රක් ටොන් 1200 ක් පමණ කැලණිය, වනවාසල සිට කිලෝ මීටර 170 ක් පමණ දුරින් පිහිටි පුත්තලම, අරුවක්කාලු කසල අංගනය දක්වා දුම්රිය මගින් ප්‍රවාහනය කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදු කරනු ලැබේ.

    අරුවක්කාලු කසල අංගනය සහ කැළණිය, වනවාසල අපද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථාන ඉදිකෙරන අතර චීන සමාගමක් වන චයිනා හාබර් ඉංජිනේරු සමාගම සහ සවුත්වෙස්ට් මියුනිසිපල් ඉංජිනියරිං ඇන්ඩ් රිසර්ච් ඉන්ස්ටිටියුට් ඔප් චයිනා සමාගම විසින් එහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි.

    මෙම අපද්‍රව්‍ය අරුවක්කාලු කසල මධ්‍යස්ථානයේ ගොඩබෑමෙන් අනතුරුව අසල පිහිටි සනීපාරක්ෂක කසල රඳවනයට බැහැර කරනු ලැබේ. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ එහිදී දිනකට උපරිම වශයෙන් දුම්රිය ගමන්වාර දෙකක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.

    ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය ආරම්භ වූ පසු මෙම දුමිරිය මාර්ගයේ ගමනාගමනය ඉතා අධික වේ. එබැවින් පුත්තලම නූර් -නගර් සිට අරුවක්කාලු දක්වා පවතින දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවයක් ද මතුව ඇති බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

    ඒ සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සහ ප්‍රවාහන හා මාහාමාර්ග අමාත්‍යංශ එක්ව ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් මේ වනවිට අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත.මෙහෙයුම් කටයුතු සඳහා අරුවක්කාලු හී නව දුම්රිය අංගනයක් හා වේදිකාවක් සහ නව හරස් මාර්ගයක් ඉදිකිරීමට ද අදාළ කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කර තිබේ.ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් රුපියල් 186,120,025.23 ක මුදලක් ඇස්තමේන්තු කර තිබේ.

    වර්තමානය වන විට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කොළඹ සිට නූර් - නගර් දක්වා මගී දුම්රිය ක්‍රියාත්මක කරනු ලබන අතර ඉන් ඔබ්බට දුම්රියක් ධාවනය නොකෙරේ. අරුවක්කාලු අංගනය ඇතුළු නූර් - නගර් සිට අරුවක්කාලු දක්වා දුම්රිය මාර්ග කොටස සියම් සිටි සිමෙන්ති සමාගම විසින් නඩත්තු කරනු ලැබේ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya