අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අයි.එම්. එෆ්. එකඟතාවන් ගැන අනවශ්‍ය බියකරු චිත්‍රයක් නිර්මාණය කළා-මුදල් රාජ්‍ය අමාත්‍ය

    මාර්තු 22, 2023

    අයි .එම්.එෆ්. ඩොලර් මිලියන 330ක් පළමු වාරියකය අද ලැබී තිබෙන බවත් අයි එම් එෆ් එකඟතාවන් ගැන අනවශ්‍ය බියකරු චිත්‍රයක් නිර්මාණය කළ බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.

    රාජ්‍ය අමාත්‍යවරයා අද (22) පාර්ලිමේන්තුවේ දී විවාදයට එක්වෙමින් මේ බව පැවසීය

    අසමත් වූ ආර්ථික තීරණ නිසා ප්‍රශ්නය අර්බුදයක් දක්වා වර්ධනය වුණා.ණය කළමනාකරණය කළේ, නැවත ණය අරන්.අපි දැවැන්ත ඩොලර් හිඟයකට මුහුණ දුන්නා. ලංකාවට ණය දීම අවධානම් කියලා රේටින් ආයතන කියන්න ගත්තා. අපි විදේශ ණය තාවකාලිකව නතර කළා. සමස්ත නිෂ්පාදනයෙන් අටෙන් එකක් අඩු වුණා.විශාල දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය කළා.

    බලය බන්දේසියක් මත තියලා දෙන්න හැදුවා. ඇයි ගත්තේ නැත්තේ? මේ නායකයා රට බාර ගත්ත නිසා සියයට තුනක සෘණ ආර්ථිකයට පවත්වාගෙන යන්න පුළුවන් වෙලා. වැල් පාලමින් එගොඩ කළේ මේ කණ්ඩායම. ආහාර හිඟයෙන් මිනිස්සු මැරී වැටෙන එක නැවැත්තුවා. අපි අයි එම් එෆ් ගියා 16 වතාවක්. අපි අවධානම දැකලා ගියා. මේක වෙනස්. අපිට අභියෝගයක් ආවා. අපි ණය ගෙවන්නේ නෑ කියමින් ගියේ. මේක පහසු වැඩක් නොවේ. සම්පූර්ණ ගෞරවය රාජ්‍ය නායකයාට හිමි විය යුතුයි. මෙය අප ලද ජයග්‍රහනයක්.මිනිස්සු සංතෝෂ වුණේ ඒකයි. මහා වැටුණු ආගාධයෙන් අපි පියවරක් තැබුවා. ඩොලර් මිලියන 330ක් පළමු වාරියකය අද ලැබී තිබෙනවා. මේ සැරේ ලැබෙන මුදල් මහා භාණ්ඩාගාරයට මාරු කටගන්න පුළුවන්. දිළිදු හා අවධානම් කණ්ඩායම්වලට සහන සැලසීම, එතැනට ගෙනාවේ රජය. අයි එම්.එෆ් ඉඩ දුන්නේ, අවශ්‍ය පරිදි කටයුතු කරන්න. අපේ ප්‍රමුඛතාව පිළිගත්තා.අපේ වියදම් කළමනාකරණය අයි එම් එෆ් පිළිගත්තා.අයි එම් එෆ් එකඟතාවන් ගැන අනවශ්‍ය බියකරු චිත්‍රයක් නිර්මාණය කළා''යැයි පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya