අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහ කන්නයේ කාබනික පොහොර මිල දී ගැනීමට රුපියල් මිලියන 16,000ක්

    ජනවාරි 30, 2023

    මහ කන්නයේ කාබනික පොහොර මිල දී ගැනීමට රජය රුපියල් මිලියන 16,000ක් වෙන් කර තිබේ.

    රටේ ආර්ථික අර්බුදයක් පවතින මෙවැනි අවස්ථාවක කාබනික පොහොර මිල දී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට ගරු ජනාධිපතිරනිල් වික්‍රමසිංහ මැතිතුමා සම්පූර්ණ සහයෝගය පළ කළ බවත් මෙවර මහ කන්නය සාර්ථක කර ගැනීම සඳහා ගොවි ජනතාවට ලබා දිය හැකි හැමසහනයක් ම ලබා දීමට රජය කටයුතු කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්ගේ ගැටලු සම්බන්ධව එම වෘත්තිය සමිති නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බවපැවසීය.

    2022/23 මහ කන්නයේ දී කාබනික පොහොර බෙදා හැරීම සඳහා දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි දිස්ත්‍රික් කමිටුව බැගින් පිහිටවා ඇතිඅතර දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුවට අදාල දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන නියෝජිතයින්ට ද වගකීම බාර දී තිබේ.ඒ අනුවතමන්ට කැමැති කාබනික පොහොර වර්ගයක් මිල දී ගැනීමට හැකියාවක් ඇත.වී වගා කරන හෙක්ටෙයාර් එකක් සඳහා රුපියල් 20,000ක් ද හෙක්ටෙයාර්දෙකක් සඳහා රුපියල් 40,000ක මුදලක් ද වශයෙන් ලබා දීමට පියවර ගෙන තිබේ. මේ සඳහා රජය රුපියල් මිලියන 16,000ක් වෙන් කර ඇත.

    දිස්ත්‍රික් කමිටුව තම වගකීම නිසි පරිදි සිදු කර ඇත්ද යන්න සම්බන්ධව ගැටලු සහගත බවත්, ඇතැම් කමිටු හරහා යම් යම් අක්‍රමිකතා සිදු වූ බවට වාර්තාවන බවත්, ඒ සම්බන්ධව පුළුල් විමර්ශනයක් කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වුවද ප්‍රමිතියෙන් බාල කාබනික පොහොර ගොවි ජනතාවට ලබා දීමට පියවර ගෙන ඇත්නම් ඊට ගොවි සංවිධාන නියෝජිතයින්ගෙන් සමන්විත මෙම කමිටුව ද වගකිව යුතු බවත් ප්‍රමිතියෙන්බාල කාබනික පොහොර සැපයීමට කටයුතු කළ සමාගම් කිහිපයක් අසදු ලේඛන ගත කළ බව ද අමාත්‍යවරයා කියා සිටී.

    මෙහිදී අදහස් පළ කළ කෘපනිස නිලධාරින් ඇතැම් කාබනික පොහොර සමාගම් මෙම දිස්ත්‍රික් කමිටු නියෝජිතයින් මුදල් අල්ලස් වශයෙන් ලබා දී තමසමාගම්වල කාබනික පොහොර අලෙවි කර ගැනීමට පියවර ගත් බවට තමන් සත්ව සාක්ෂි ඇති බවත් සඳහන් කළේය.

    එවැනි තොරතුරු ඇත්නම් අමාත්‍යාංශයට ලබා දෙන ලෙසත් සඳහන් කළ අමාත්‍යවරයා 2023 යල කන්නයේ දී වී වගාවට අමතරව අතිරේක බෝග වගාවටප්‍රමුඛත්වය ලබා දෙන බවත්, වී වගාවට අවශ්‍ය සියලුම රසායනික පොහොර හිඟයකින් තොරව ලබා දීමට පියවර ගන්නා බවත් සඳහන් කළේය.

    මෙම සාකච්ඡාව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැති අතර ඊට ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් .එච්. එම්. එල්. ඒ. අබේරත්න මහතා ඇතුලු පිරිසක් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya