අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගොඩකවෙලට නව සති පොළක්

    ජනවාරි 24, 2023

    ගොඩකවෙල නව සතිපොළ සංකීර්ණය ජනතා අයිතියට පැවරීමේ උත්සවය පසුගියදා (19) පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ සහ රත්නපුර දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී  මුදිතා ප්‍රශාන්ති ද සොයිසා මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගොඩකවෙල නගර මධ්‍යයේ දී සිදු කෙරිණ.

    සබරගමුව පළාතේ ප්‍රසිද්ධියට පත් ⁣ගොඩකවෙල පැරණි පොළ භූමිය දිගු කාලයක් තුළ පොල් අතු සෙවිලි කර තිබූ කොටස් මෙන්ම පැරණි ඉදිකිරීම් ජරා ජීර්ණව පැවති අතර මේ හේතුවෙන් ව්‍යාපාරිකයන් සහ  පාරිභෝගිකයන් දැඩි අසීරුතාවට පත්ව සිටියහ.මෙම නව  සතිපොළ උත්සව ආදී බහුවිධ කාර්යයන් ඉටු කර ගැනීමට හැකි අයුරින් සකසා ඇත.

    මෙම අවස්ථාව ට ගොඩකවෙල මහින්ද මහා විද්‍යායතන පිරිවෙන් අධ්‍යක්ෂ පූජ්‍ය කෝම්පිටියේ ශ්‍රී සුසීල හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නය, ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් සහ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් හිටපු පළාත් සභා මන්ත්‍රී  අනුර අලගියවන්න මහතා ,කහවත්ත,කොලොන්න ප්‍රාදේශීය සභා මන්තීවරු,සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය නියෝජ්‍ය ප්‍රධාන ලේකම් පරාක්‍රම පියසේන සබරගමුව පළාත් පාලන කොමසාරිස් කීර්ති විජේසිංහ, නියෝජ්‍ය  අධ්‍යක්ෂ සැලසුම් කුසුම් කුමාරනායක, ව්‍යාපාරික ප්‍රජාව,රාජ්‍ය නිලධාරීහූ විශාල පිරිසක් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya