අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනාගත අභියෝගයන්ට ගැළපෙන ආකාරයට ත්‍රිවිධ හමුදාවක් බිහි කිරීමට විෂන් 2030

    නොවැම්බර් 24, 2022

    වර්තමාන සහ අනාගත අභියෝගයන්ට ගැළපෙන ආකාරයට ත්‍රිවිධ හමුදාවක් බිහි කිරීමට විෂන් 2030 වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා පැවසීය.

    අද(24) දින ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරය මේ බව පැවසීය.

    යුද්ධයක් නොමැති නමුත් අන්තවාදී උපද්‍රවයන් රටේ ඇතැම් තැන්වල ඇති බවත් මෙවැනි උපද්‍රවයන්ගෙන රට නිරුපද්දිතව තබා ගැනීම අත්‍යාවශ්‍ය බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

    නීතියේ ආධිපාත්‍ය සහ ජාතික ආරක්ෂාව නොමැති කිසිම රටක් දියුණු නොවන බවද හෙතෙම පෙන්වා දුන්නේ ය.

    මේ උපද්‍රවයන්ගෙන් රට නිරුපදිත්‍රව තබා ගන්න අවශ්‍යයි. යුද්ධයක් නැහැ කියා කඩේ වහලා නිකන් ඉන්න බැහැ'' යැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන මහතා පැවසීය.

    ලෝකයේ මිනිසුන් හඳට යන යුගයක අපේ රටේ අම්මල තමන්ගේ දරුව කඩේකටවත් තනියම යවන් නැහැ. එවැනි අම්මල රට වෙනුවෙන් තම දරුවන්
    ත්‍රිවිද හමුදාවට දුන්නා. ඒ දරුවන් ගෙදර ආවේ පෙට්ටියෙන් . අද සමහරක් පුද්ගලයන් හැසිරෙන්නේ මැරිලා ඉපදිලා වගේ, යුද්ධය වෙලාවේ රට බේරා ගත් රණවිරුවා අද අට පාස් සොල්දාදුවා වෙලා. එය මේ රටේ හැටි පසුගිය අරගල සමයේ , ඇතැම් පිරිස් හමුදා සෙබළුන්ට කිව්වේ නිවාඩුවට ගෙදර වරෙන් හවසට බලාගමු කියලා. ගුරුවරුන්ට ආමි කාරයන්ගේ දරුවන්ට උගන්වන්න එපා කිවුවා. එසේ කියද්දිත් ඔවුන් ඉවසුවා.

    හමුදාවේ නියෝග දෙන ක්‍රමයක් තියෙනවා. සේනාධිනායකයා දෙන අණ තමයි පහළ සෙබළුන් ක්‍රියාත්මක කරන්නේ. මේ තත්වය ආරක්ෂා කර ගත යුතුයි.ෙ එසේ නොවුනහොත් මේ රට විනාශ වෙනවා.

    ආරක්ෂක අංශ වැය ශීර්ෂය යටතේ වැය ශීර්ෂ 26ක් තිබෙන බවත් ජාතික ශිෂ්‍යබට බලකාය වැනි ජාතික මට්ටමේ අධ්‍යාපන ආයතන , ආපදා කළමනාකරණ ආයතන වැනි ආයතන සහ විද්‍යාත්ම පර්යේෂණ සිදු කරන ආයතන, සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වැනි ආයතන සමූහයක් ආරක්ෂක අංශ වැය ශීර්ෂය යටතට ගැනේ.

    ආරක්ෂක අමාත්‍යංශයට විශාල මුදලක් වෙන් කිරීම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් චෝදනා කරනවා. එම මුදල් වෙන් කර ඇත්තේ මර්ධනයට කියා චෝදනා කරනවා. නමුත් මෙම මුදල් වෙන් වී ඇත්තේ ආරක්ෂාවට, අධ්‍යාපනයට , පර්යේෂෙන සහ ආපදා අවස්ථා සඳහායි.

    නවීන ගුවන් හමුදාවක්, නවීන නාවික හමුදාවක් සඳහා මෙම මුදල් ප්‍රමාණවත් වෙන් නැහැ. නමුත් විවිධ අය හමුදාවේ පිරිස අඩු කරන්න කියා කියනවා. මොන දේ කලත් විද්‍යානුකූලව ක්‍රමානූකූලව කරන්න අවශ්‍යයි. ආරක්ෂක අමාත්‍යංශය නීත්‍යානුකූල නොවන ආකාරයට රට හැර ගිය පුද්ගලයන්ට පොදු සමාවක් ලබා දී ඇතැයිද ඊයේ දින වන විට පුද්ගලයන් 10,360ක් මේ වෙනුවෙන් ඉදිරිපත් වී ඇතැයිද කීය.

    ඉදිරියේදි වෛද්‍ය ප්‍රතිකාර මත ඉවත් වී සිටින ආරක්ෂක අංශ වල පුද්ගලයන් සඳහා සුභ සාධානය පිළිබඳ විශේෂ ආයතනයක් ඇති කිරීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya