අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහවැලි කලාපවල ''සංස්කෘතික, කලා ශිල්ප, අධ්‍යාපනික හා ක්‍රීඩා පුහුණු සංචිත පිහිටුවීම'' සදහා නව වැඩපිළිවෙලක්

    සැප්තැම්බර් 28, 2022

    මහවැලි කලාපවල ''සංස්කෘතික, කලා ශිල්ප, අධ්‍යාපනික හා ක්‍රීඩා පුහුණු සංචිත පිහිටුවීම'' සදහා නව වැඩපිළිවෙලක් සකස් කරයි.

    මහවැලි කලාපවල ''සංස්කෘතික, කලා ශිල්ප, අධ්‍යාපනික හා ක්‍රීඩා පුහුණු සංචිත පිහිටුවීම''ට නව වැඩපිළිවෙලක් සකස් කිරීම සදහා සාකච්ඡාවක් (27) දින වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහවැලි කේන්ද්‍රයේදී පැවැත්විණි.

    මහවැලි කලාපයන්හි ජනපදික දුවා, දරුවන්ගේ ක්‍රීඩා හා සංස්කෘතික හැකියාව දැන හැඳින, ඔවුන් මහවැලි ක්‍රීඩා නිලධාරීන් හා සංස්කෘතික නිලධාරීන් හරහා දැනුමෙන් හා තාක්ෂණික වශයෙන් පෝෂණය කර, ජාතික ක්‍රීඩා තරඟාවලියට නොදෙවෙනි''මහවැලි ක්‍රීඩා උළෙල ''මගින් මෙන්ම, සංස්කෘතික හැකියාවන් ''මහවැලි ප්‍රතිභා උළෙල''මගින් ද ඉදිරිපත් කිරීම 1985 වසරේ සිට සම්ප්‍රදානුකූලව සිදුකරගෙන ගිය බව ඔබ අප දන්නා කරුණකි.

    සම්ප්‍රදායෙන් ඔබ්බට යමින් මහවැලි කලාපීය ජනපදික තරුණ තරුණියන් ( වයස අවුරුදු 18 - 30) අතර කලා ශිල්ප, සංස්කෘතික, අධ්‍යාපන හා ක්‍රීඩා ලෙස ප්‍රධාන කොටස් හතරකට බෙදා, කලා ශිල්ප යටතේ පාරම්පරික හා වෘත්තීමය වශයෙන් ද, සංස්කෘතික යටතේ අඩු පරිසාධන, රැකියා වෙළඳපල, ජාතික සංචිත පිහිටුවීම වශයෙන් ද, අධ්‍යාපනික කොටසට විධිමත් අධ්‍යාපනය - විධිමත් උසස් අධ්‍යාපනය වශයෙන් වෙන්කර, උසස් අධ්‍යපනය සඳහා යොමු නොවන තරුණ තරුණියන් කලා/ සංස්කෘතික කුසලතා, වෘත්තීය කුසලතා, වෘත්තීය පුහුණු වශයෙන් මහවැලි පුහුණු පාඨමාලා, කුඩා බාහිර පුහුණු ආයතන හා විධිමත් වෘත්තීය පුහුණු ආයතන ලෙස අනු ඛාණ්ඩ කිහිපයකට විද්‍යාණුකූලව වෙන්කර අවසානයේ සාර්ථක ව්‍යවසායයෙකු වීමට දේශීය හා විදේශීය පුහුණු ලබාදීම දක්වා සාර්ථකත්වය ලබාදීම පෙර දැරිව ඉලක්ක කර තිබුනි.

    මහවැලි ක්‍රීඩා උළෙලකින් පසුව ජාතික සංචිතවලට ඇතුලත් නොවන සේම, මහවැලි ප්‍රතිභා උළෙලේ දක්ෂතා දැක්වුව ද, වෘත්තීය මට්ටමට දියුණුවීමට මග හසර අහිමි වන බොහෝ තරුණ තරුණියන්
    වෙනුවෙන් මෙන්ම, අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සමත් උවද, සමත් නොවුවද , විශ්වවිද්‍යාල වරම් ලැබූ නොලැබූ තරුණ තරුණියන්ට සියල්ලට ගැලපෙන පරිදි 21 වන සියවසේ අභියෝග
    අතික්‍රමණය කිරීමට හැකිවන තාරුණ්‍යයක් මහවැලි කලාප තුලින් බිහි කිරීම මෙම ක්‍රියාදාමයේ බලාපොරොත්තුවයි.

    මෙම වැඩසටහන සඳහා ක්‍රියාත්මක සැලැස්ම සකස්කර, සියලුම නේවාසික ව්‍යාපාර කළමනාකාර, නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර (සංවර්ධන), ආයතන සංවර්ධන හා ක්‍රීඩා යන නිලධාරීන්
    ගෙන් සමන්විතව සාකච්ඡාවක් කඩිනමින් සූදානම් කරන ලෙසත්, මහවැලි අධිකාරිය මගින් දැනුමෙන් හා තාක්ෂණයෙන් පෝෂණයවී ජාතික හා ජාත්‍යන්තරය ජයගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා අනෙකුත් විෂයාණුගත තත්ත්වයන් ගෙන් සුපෝෂිත වූවන් සොයා ගොස් මහවැලි අනන්‍යතාවය පිළිබඳ ඔවුන්ගේ හෘදයාංගම ප්‍රකාශ ලබාගන්නා ලෙසද එහිදී අමාත්‍යවරයා විසින් නිළධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.

    මෙම අවස්තාව සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බී. කොටගම, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් අසංක ගුණතිලක, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන හා මුදල්) කෞෂල්‍ය විජයවීර, අධ්‍යක්ෂ (ආයතන සංවර්ධන) මහේන්ද්‍ර අබේවර්ධන, අධ්‍යක්ෂ (මහවැලි කේන්ද්‍රය) ඩෙනිස් ප්‍රනාන්දු, අධ්‍යක්ෂ (මුදල්) ටී.ඩී.ප්‍රියන්ත යන මහත්වරුන් ද, සහකාර අධ්‍යක්ෂ (ක්‍රීඩා) ශ්‍රියාණි හපුතන්ත්‍රී මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya