අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සූර්ය පැනල ලබාදීමේ දී ණය ක්‍රමවේදයක් කෙරෙහි අවධානය - බලශක්ති අමාත්‍ය

    සැප්තැම්බර් 22, 2022

    පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීම කෙරෙහි රජයේ වැඩි අවධානයක් යොමු කර ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (22) පාර්ලිමේන්තුවේදී යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිණි.

    විදුලිබල මණ්ඩලය , ලෙකෝ සමාගම සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන ආයතන ඒකාබද්ධව විහාරස්ථානවලට, ව්‍යාපාර , හෝටල්, රජයේ ගොඩනැගිලි , ගෘහස්ථ ආදී අංශවලට සූර්‍යපැනල ලබාදීමට අවශ්‍ය ණය ක්‍රමවේදයක් ඇති කිරීමට අවධානය යොමුව ඇත.

    ඉන්දියානු ඩොලර් මිලියන සියයේ ණය මුදලින් විහාරස්ථාන දෙදහසක විදුලි අවශ්‍යතාව ආවරණය කරන බවද අමාත්‍යවරයා සදහන් කළේය.

    රාජ්‍ය ආයතනව, පාසල්වල, රෝහල්වල සහ තවත් ආයතනවල වහළය මත සූර්‍යපැනල සවි කිරීම සිදුකෙරේ. විදුලි උත්පාදන වියදම අඩුකරගනිමින් විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීම් සිදු කරන බව අමාත්‍යවරයා කීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya